සැප ගන්න ඩොලර් විසීකරන හැටි හෙළිවේ – Saru News | සිංහල

0
4

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවය ඔසවා තැබීමට අසමත් වූ රනිල් වික්‍රමසිංහ ඇතුළු පාලකයන් විදේශ සෞඛ්‍ය සේවා සඳහා වැය කරන මිල ගණන් පිළිබඳ තොරතුරු බීබීසී සිංහල වෙබ් අඩවිය විසින් හෙළි කර ඇත.

මේ වනවිටත් සිංගප්පූරුවේ මවුන්ට් එලිසබත් රෝහලට ඇතුලත් වී සිටින රනිල් වික්‍රමසිංහ ඔහුගේ 77 වෙනි උපන් දිනය සැමරුවේ ද එම අති සුඛෝපභෝගී රෝහලේ සිටිමින් ය.

එම රෝහලේ එක් දිනයක් සඳහා අය කරන ගාස්තුව බීබීසී වෙබ් අඩවියෙන් උපුටා ගෙන පහත දැක්වේ.

ගාස්තු සහ වියදම්

සිංගප්පූරුවේ සෞඛ්‍ය සේවා ලබා ගැනීම සඳහා සාමාන්‍යයෙන් අධික වියදමක් දැරීමට සිදුවේ.

උදාහරණයක් ලෙස මවුන්ට් එලිසබෙත් රෝහලේ විවිධ කාමර සඳහා දිනකට අය කෙරෙන මිල ගණන් පහත පරිදි ය. (නිල වෙබ් අඩවියේ දැක්වෙන පරිදි)

මෙහි මිල ගණන් ශ්‍රී ලංකා රුපියල්වලට හරවා ඇත්තේ, මාර්තු 23 දිනට එහි අගය අගය රු. 308ක් ලෙස සලකමිනි.

  • ඇඳන් 4ක් සහිත කාමරය – ඇ.ඩො. 309 (රු. 95,172)
  • තනි කාමරය – ඇ.ඩො. 931 (රු. 286,748)
  • තනි සුඛෝපභෝගී කාමරය – ඇ.ඩො. 1,461 (රු. 449,988)
  • ඩැෆඩිල් කාමර (Daffodil suite) – ඇ.ඩො. 4,543 (රු. 1,399,244)
  • VIP කාමර – ඇ.ඩො. 4,543 (රු. 1,399,244)
  • Royal suite (without lodger room) – ඇ.ඩො. 6,388 (රු. 1,967,504)
  • Royal suite (with lodger room) – ඇ.ඩො. 7311 (රු. 2,251,788)
  • Royal suite (with lodger room and lounge) – ඇ.ඩො. 8,042 (රු. 2,476,936)
  • Royal suite (entire suite) – ඇ.ඩො. 11,072 (රු. 3,410,176)

ඊට අමතරව, දැඩි සත්කාර ඒකකයේ දිනක ගාස්තුව ඇමෙරිකානු ඩොලර් 998 (රු. 307,384) කි.

1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here