සැප්තැම්බර් මාසයේ නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක්

0
1

ඉකුත් සැප්තැම්බර් මාසයේ දී රටේ නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මේ අනුව නිෂ්පාදන ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරමින්, නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2025 සැප්තැම්බර් මාසයේ දී දර්ශකාංක 55.4 ක අගයක් වාර්තා කළ අතර සේවා අංශයේ  ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, සේවා ක්‍රියාකාරකම්වල මන්දගාමී වර්ධනයක් පෙන්නුම් කරමින්, සැප්තැම්බර් මාසයේ දී දර්ශකාංක 58.7ක අගයක් වාර්තා ර ඇත.

නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයට අනුව සේවා නියුක්තිය හැර අනෙකුත් සියලුම උප දර්ශක කඩඉම් මට්ටමට වඩා ඉහළ අගයක පැවතී ඇත.

මේ අතරම උත්සව සමය ඉලක්ක කර ගනිමින් ඉදිරි නිෂ්පාදන කටයුතු සඳහා තොග රැස් කිරීම හේතුවෙන් මෙම මාසය තුළ දී තොග මිලදී ගැනීම් ඉහළ ගොස් ඇත.

සේවා අංශයෙහි ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයට අනුව ඉකුත්  සැප්තැම්බර් මාසයේ දී ව්‍යාපාර ක්‍රියාකාරකම් අඛණ්ඩව ඉහළ ගිය අතර, ඒ සඳහා විවිධ අංශවල සිදු වූ වර්ධනයන් හේතු විය. තොග සහ සිල්ලර වෙළඳාම්  අංශයෙහි වාර්තා වූ ශක්තිමත් ක්‍රියාකාරිත්වය මෙම ප්‍රසාරණයට හේතු විය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here