සැප්තැම්බරයේ සංචාරකයින් 158,971ක් මෙරටට ඇවිත්

0
1

සැප්තැම්බර් මාසය තුළ දී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 158,971ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරි පවසයි.

මෙය පසුගිය වසරේ අගෝස්තු මාසයේදී පැමිණි සංඛ්‍යාවට සාපේක්ෂව 30.24%ක වැඩිවීමකි.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම දත්තවලට අනුව, අගෝස්තු මාසයේදී ඉන්දියාවෙන් සංචාරකයින් 49,697ක් පැමිණ ඇති අතර එය 31.3% කි. 

තවද, එක්සත් රාජධානියෙන් 10,527ක්, ජර්මන් 9,344ක්, චීනයෙන් 10,527ක් සහ ප්‍රංශ ජාතිකයින් 5,144ක් ද අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

ඒ අනුව, 2025 වසරේ ජනවාරි 01 වනදා සිට සැප්තැම්බර් 30 දක්වා සංචාරක පැමිණීම් සංඛ්‍යාව 1,725,494කි.

ඒ අතරින් සංචාරකයින් 375,292ක් ඉන්දියාවෙන්, 122,144ක් රුසියාවෙන් සහ 161,893ක් එක්සත් රාජධානියෙන් පැමිණි බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here