සැකකරුවන් 588ක් පොලිසිය අත්අඩංගුවට ගනී

0
2

පොලිසිය විසින් ඊයේ (24දා) දිනයේ දී සිදුකළ විශේෂ මෙහෙයුම්වලින් සැකකරුවන් 588 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා කොට්ඨාශ හා ප්‍රාදේශීය පොලිස් ස්ථාන ආවරණය වන පරිදි දිවයින පුරා මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කරන අතර ඊයේ දිනයේදී පුද්ගලයන් 28,382 දෙනෙකු පරීක්ෂා කර ඇති අතර සැකකරුවන් 588 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ සම්බන්ධයෙන් සෘජුවම හඳුනාගත් 23 දෙනෙකු මෙන්ම ව‍රෙන්තුකරුවන් 254 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත. එහිදී අත්අඩංගුවට ගෙන ඇති විවෘත වරෙන්තුකරුවන් ගණන 162කි.

බීමත් රියදුරන් 15 දෙනෙකු මෙන්ම අපරීක්ෂාකාරී රිය පැදවීම් සම්බන්ධයෙන් 13 දෙනෙකු ද වෙනත් රථ වාහන වැරදි සම්බන්ධයෙන් 3761 දෙනෙකු ද අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සදහන් කරයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here