පසුගිය කාලය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුවූ වෙඩි තැබීම් හා මනුෂ්‍ය ඝාතන ඇතුළු විවිධ අපරාධ සඳහා සැකකරුවන් පැමිණීමේදී හිස හා මුහුණ ආවරණය වන පරිදි හිස් වැසුම් පැළඳ එම අපරාධ සිදු කර ඇති බව නිරික්ෂණය වී ඇති බව පොලීසිය පවසනවා.
මේ හේතුවෙන් ආරක්ෂිත හිස් වැසුම් පැළද සැකකටයුතු ලෙස හැසිරෙන පුද්ගලයින් සම්බන්ධයෙන් පරික්ෂා කිරීම සිදුකළ යුතු බවට දන්වා පොලිස් මූලස්ථානය මගින් සියලුම පොලිස් නිලධාරින්ට උපදෙස් ලබා දී ඇති බවයි පොලිසිය පවසන්නේ.
ඒ, මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින්.
Saru FM Media