සාමාන්‍ය පෙළ විභාගය හේතුවෙන් 11 වැනිදා මැදියම් රැයෙන් උපකාරක පන්ති තහනම්

0
2

අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය (2025) හේතුවෙන් එළැඹෙන 11 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන තෙක් උපකාරක පන්ති පැවැත්වීම තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ සාමාන්‍ය පෙළ විභාගය එළැඹෙන 17 වැනිදා සිට 26 වැනිදා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,545ක පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවය.

ඒ අනුව එළැඹෙන 11 වැනිදා සිට විභාගය අවසන් වන තෙක් උපකාරක පන්ති පැවැත්වීම, සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම ඇතුළු ඒ සම්බන්ධ සියලු සේවාවන් තහනම් වන බව අධ්‍යාපන විභාග දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

ඒ සම්බන්ධව සම්පුර්ණ නිවේදනය පහතින්,

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here