හෙට (17) දිනයෙන් ආරම්භ වීමට නියමිත 2025 (2026) අපොස සාමාන්‍ය පෙළ විභාග දිනයන්හි දී යම් හදිසි ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් ඒ වෙනුවෙන් ගතයුතු සියලු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ආදාළ පාර්ශව සමඟ විශේෂ සැලැස්මකට අනුව කටයුතුකර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.
අද (16) පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව පැවසුවේය.
එමෙන්ම ඒ මහතා පැවසුවේ, සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුසිසුවියන්ට විභාග මධ්‍යස්ථානයන් කරා යාමට නොහැකිවූ අවස්ථාවකදී හෝ කිසියම් හේතුවක් මත විභාගයට යාමට අපහසුතාවයක් ඇතිවුවහොත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඇමතීම සඳහා සෘජු දුරකථන අංක හඳුන්වා දී ඇති බවය.
ඒ අනුව, 117 හො 1911 යන දුරකථන අංකවලට අමතරව තවත් අංක 4ක් අලුතින් හඳුන්වා දී තිබේ.
011 366 8020
011 366 8100
011 366 8013
011 366 8010
එමෙන්ම විභාගය ආරම්භ කිරීමට දින දෙකකට පෙර සිට විභාගය අවසන්වී දින දෙකක් ගත වනතුරු එනම් ප්‍රශ්න පත්‍ර ප්‍රවාහනය කර අවසන් වන තුරුම ආරක්ෂක අංශ, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සහ අදාළ අංශ සමඟ සාකච්ඡා කරමින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර අවසන් බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
Saru News










