Saturday, May 3, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් සාපෙළ ලියන්න ගිය සිසුවියන් දෙන්නා තාම ගෙදර ඇවිත් නෑ

සාපෙළ ලියන්න ගිය සිසුවියන් දෙන්නා තාම ගෙදර ඇවිත් නෑ

0
10


the-two-men-who-had-been-sent-home-had-not-yet-returned

මහියංගණය ප්‍රදේශයේ පාසල් ශිෂ්‍යාවන් දෙදෙනකු පසුගිය 26 වන දින සිට නිවෙස්වලින් අතුරුදන්ව ඇති බවට පොලිසිය වෙත පැමිණිලි ලැබී තිබේ. මෙම සිසුවියන් දෙදෙනා අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින බවත්, විභාගයට යෑම සඳහා නිවසින් පිටත්ව ගොස් නැවත පැමිණ නොමැති බවත් වාර්තා වේ.

වයස අවුරුදු 16ක් වන මෙම පාසල් සිසුවියන් දෙදෙනා, මහියංගණය සේරාන, අරාවත්ත ප්‍රදේශයේ සහ දම්බරාව මහියංගණය යන ලිපිනයන්හි පදිංචි අය බව පොලිස් වාර්තාවල සඳහන් වේ. මෙම සිසුවියන් දෙදෙනා සුපුරුදු පරිදි 26 වැනි දින ද අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සඳහා මහියංගණය දම්බරාව විද්‍යාලය වෙත යෑමට පාසල් නිල ඇඳුමෙන් සැරසී නිවෙසින් පිටව ගොස් ඇති නමුත්, ඔවුන් නැවත නිවෙස් වෙත පැමිණ නොමැති බව පොලිසිය සඳහන් කරයි.

සිදුවීම සම්බන්ධයෙන් ශිෂ්‍යාවන්ගේ දෙමාපියන් විසින් රාත්‍රි කාලයේදී මහියංගණය පොලිස් ස්ථානයට පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව ද පොලිස් නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කළේය.
බදුල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල මහතාගේ සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දේවත්ත මහතාගේ උපදෙස් මත, මහියංගණය පොලිස් ස්ථානයේ වැඩබලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන වීරසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ අතුරුදන් වූ සිසුවියන් සොයා ගැනීම සඳහා විශේෂ විමර්ශන කණ්ඩායමක් පිහිටුවා ඇති අතර, වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතින බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here