කොළඹ LNW:පළාත් පාලන ආයතනවල විපක්ෂයට බහුතරයක් මන්ත්‍රී අසන ලැබී ඇති සභාවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් අද (19) සමඟි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර පැවති අභ්‍යන්තර සාකච්ජාවෙන් පසුව සමඟි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණා.
එහිදී ඔහු පැවසුවේ එම සාකච්ජාව සාර්ථක බවත් ඉදිරියේදී තවදුරටත් සකච්ජා පැවැත්වෙන බවත්ය.
මාධ්‍යව්දියා: ඉදිරියේදී සාකච්ජා පවත්වන්න තව ඉතුරු වෙලා නැහැ.සියල්ල අවසානයි ?
සමඟි මහ ලේකම්: නෑ ඉදිරියටත් තව සාකච්ජා තියෙනවා.
මාධ්‍යවේදියා: අනිත පක්ෂ සමඟ සාකච්ජා ?
සමඟි මහ ලේකම්: ඒවත් බොහොම සාර්ථකව අවසන් වුණා.
මාධ්‍යව්දියා: ඒ වුණාට ජනාධිපතිතුමාට අනුව නම් ලේසි නැහැ සභා පිහිටුවන්න?
සමඟි මහ ලේකම්: කවුද ජනාධිපතුතුමාට බය
මාධ්‍යව්දියා: බලය පිහිටුවන එකේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතා යටතේද රනිල් වික්‍රමසිංහ මහතා යටතේද?
සමඟි මහ ලේකම්: එහෙම නෑ අපි පොදු විපක්ෂය
Saru FM Media