ස්වෙච්ඡාවෙන් විශ්‍රාම යාමට අයදුම්කළ ලංවිම සේවකයන්ට විශේෂ දැනුම්දීමක්

0
9

ස්වෙච්ඡා විශ්‍රාම යෑමේ යෝජනා ක්‍රමය යටතේ අයදුම්පත් ඉදිරිපත් කළ ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට අවශ්‍ය නම් එළැඹෙන 30 වනදාට හෝ ඊට පෙර නැවත එම අයදුම්පත් ඉවත් කර ගැනීමට ඉල්ලුම් කළ හැකි බව දැනුම් දී තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාණ්‍යාධිකාරි ඉංජිනේරු කේ.එස්.අයි. කුමාර මහතා මේ බව අදාළ සේවකයින්ට දැනුම් දී ඇත.

බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් විසින් නිකුත් කරන ලද අංක MOE/SRS/VRS/28 හා 2025.11.14 දිනැති ලිපිය අනුව, 2025 ඔක්තෝබර් 27 දිනට පෙර ස්වෙච්ඡා විශ්‍රාම යෑමේ යෝජනා ක්‍රමය යටතේ අයදුම්පත් ඉදිරිපත් කළ ද එම අයදුම්පත් ඉවත්කරගනිමින් නව සමාගමට බැඳීමට අදහස් කරන ලං.වි.ම. සේවකයන්ට මෙම අවස්ථාව හිමි වේ.

2026 ජනවාරි 30 දිනෙන් පසුව එම ඉල්ලුම්පත් ඉවත්කර ගැනීමට අවස්ථාව හිමි නොවන අතර එම ඉල්ලුම්පත් අනුමත නොකරණ බවද දැනුම් දී ඇත.

ඒ අනුව ජනවාරි 30 දින හෝ ඊට පෙර සාමාන්‍යාධිකාරිකාරි ශාඛාව වෙත ලැබෙන ස්වෙච්ඡා විශ්‍රාම යෑමේ යෝජනා ක්‍රමය යටතේ ඉදිරිපත් කළ අයදුම්පත් ඉවත්කර ගැනීමේ ඉල්ලීම් පමණක් අනුමත කිරීමට කටයුතු කරනු ලැබේ.

ජනවාරි 30 දිනෙන් පසු එවැනි ඉල්ලීම් බාරගැනීමෙන් වලකින ලෙස සියලුම ඒකක / ශාඛා / අංශ ප්‍රධානීන් වෙත ද දැනුම් දී ඇති බව සඳහන් වේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here