Wednesday, May 21, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් ස්වාධීනයින් සමග 60 පන්නයි – කොළඹ බලය මාලිමාවට

ස්වාධීනයින් සමග 60 පන්නයි – කොළඹ බලය මාලිමාවට

0
3


60-runs-with-the-independents-colombo-power-to-the-compass

 කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීමට ජාතික ජන බලවේගය සමඟ කුඩා පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 09ක් එකඟතාවකට එළැඹ තිබේ. ජාතික ජන බලවේගයේ පැලවත්ත මූලස්ථානයේ පෙරේදා (19දා) රාත්‍රියේ පැවැති සාකච්ඡාවකදී මෙම එකඟතාව ඇතිකර ගත් බව එම පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වල නියෝජිතයෝ පැවැසූහ.

එසේම තවත් කණ්ඩායම් තුනක් සමඟ ඊයේ දිනයේදී සාකච්ඡා කළ බවත් ඒ අනුව පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී ජයග්‍රහණය කළ සභිකයන් 60කට ආසන්න පිරිසක් කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීමට එක්ව සිටින බවත් ඔවුහු සඳහන් කළහ.පසුගිය පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කොළඹ මහ නගර සභාවට තරග කළ එක්සත් සාම සන්ධානය (සමනලයා) සහ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය (තැපැල් කුලුන) මාලිමාවට සහාය දක්වන බව ප්‍රකාශ කර ඇත.


gossiplanka image 2



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here