ස්වර්ණ ජයන්තිය අවර්ණ කිරීම

0
7

නිශ්මං රණසිංහ ජනවාරි 22, කොළඹ LNW:

කුමන හෝ ක්‍රියාවලියකදී ස්වර්ණ ජයන්තිය ලෙස හඳුන්වන්නේ එයට වසර 50 ක් සැපිරීමය.එවැනි අවස්ථාවකදී ස්වර්ණමය නැත්නම් රත්තරන් පැහැය එම සැමරීමට එකතු කරමින් දිය හැකි ඉහළම වටිනාකම ඊට දීම සම්ප්‍රදායකි.එවැනි අවස්ථාවක් උදාවන මොහොතේ කුමන හෝ කේෂ්ත්‍රයක පරිපාලන කිරීමට පැවරී තිබීම යන්න එම පරිපාලකයන්ට ජීවිතයේ උදාවන ස්වර්ණමය අවස්ථාවකි.

ඒ ස්වර්ණමය මොහොතට අදාළව පැන නඟින ඉතිහාසය මනරම් එකක් වනු ඇත.නැඟීම්,බැසීම්වලින් පිරුණු ඒ මතක අහුරුවල වැටුණු තැන් ද යළි නැගිටීමට පොහොර වූ ඉතිහාසය විසින් සියල්ල ස්වර්ණ වර්ණ මතු කරන ඒවා වනු නිසැකය.

මේ වසර ක්‍රීඩාවේ ද ස්වර්ණමය මංගල්ලයකට මග කියන වසරකි.ඒ ජාතික ක්‍රීඩා උළෙලට වසර 50 ක් පිරෙන බැවිනි.ක්‍රීඩා අමාත්‍යංශය මෙන්ම ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවද රටේ ක්‍රීඩාව වෙනුවෙන් කරනු ලබන ඉහළම සත්කාරය ද එය වන්නේය.මේ ඉතිහාසය තුළ සිඳු වූ ආකාරය ගැන අපට සතුටක්ම නැත.කණගාටු වූ අවස්ථා මෙන්ම දැඩි විවේචන ද ඇත.එහෙත් රජය විසින් කරනු ලබන මේ සත්කාරය හැරෙන්නට රටේ සමස්ත ක්‍රීඩාව වෙනුවෙන් සිඳුවන විශාලම මැදිහත්වීම යන්න අපට අමතක කළ නොහැකිය.

එය නොකර සීටීම නොව රජයේ වගකීම විය යුතුව ඇත්තේ එයට ඉතිහාසය විසින් පෙන්වා දී ඇති වැරදි සහ අඩුපාඩු සකස් කර ගනිමින් වඩාත් නිවැරදි සහ සංවර්ධිත දිශාවකට ක්‍රීඩාව රැඟෙන යාමය.එය 50 වන උළෙලේ දී සාපේක්ෂව වැදගත් ඉදිරි පිම්මකට ගෙන යන්නට මහන්සි විය හැකිය යන හේතුව මනසේ ඇති වන්නේම මේ ක්‍රීඩා උළෙල සිය ජීවිතයේ වත්මන් මොහොත උදා කර ගැනීම සඳහා විශාල වශයෙන් භාවිතයට ගැණුන පුද්ගලයෙක් පවතින රජය විසින් ක්‍රීඩාව පරිපාලනය කරන්නට නියෝජ්‍ය අමාත්‍ය ධූරයේ අසුන් ගන්වා තිබෙන නිසාය.

ගෙවුණු 50 වසර තුළ මතක් කරන්නට ඉතිරිව තිබෙන සොඳුරු ස්වර්ණ මතක ඇතුළත සුගත් තිලකරත්නනම් වූ ඔහු විසින් තබන ලද රත්තරන් සැමරුම් නිසා මේ 50 වන සැමරුමට අගය කළ යුතු ඉතිහාසයේ දැවන්නත ඉඩක් සුගත්මය වීම ඔහුගේ දේශපාලන බල පරාක්‍රමය විසින් අත් කර නොදෙන ක්‍රීඩාමය අනන්‍යතාවය විසින් ඇති කරවන එකක් වනු ඇත.එය නොවැළක්විය හැකිය.

එවැනි තත්ත්වයක තවමත් මේ ස්වර්ණමය මොහොත තේජාන්විතව ක්‍රීඩා අමාත්‍යංශය සහ සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් කරන්නට උත්සාහ කරන බවක් පෙනෙන්නට නැත.සුගත් වැනි මේ ඉතිහාසයේ ස්වර්ණමය වටිනාකම් ඔප දැමූ අමරණිය මතක ඇති විරයෙකු නියෝජ්‍ය අමාත්‍ය පුටුවේ සිටියදී මෙවැනි තත්ත්වයක් අපේක්ෂා කළ නොහැකිය. ඒ නිසාම සොයා බලද්දී ඉකුත් නොවැම්බර් මස ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමකදී තරග කාලරාමු සහ ප්‍රතිපාදන පිළිබඳව සාකච්ඡා කර ඇති බවත්,එහෙත් අදාළ කටයුතු පළාත් මට්ටමෙන් ක්‍රියාත්මක වීමට අවශ්‍යය ප්‍රතිපාදන සහ උපදෙස් තවමත් අමාත්‍යංශ මට්ටමෙන්,සංවර්ධන දෙපාර්තමේන්තු මට්ටමෙන් පළාත් කරා ගමන් කර නොමැති බවත් දැක ගන්නට ලැබිණ.
සමහර විට සුගත් ධාවකයෙකු ලෙස දුටුව,ස්ර්මය මිස්මය ස්වරූපයෙන් සුගත්ලාව නැට වූ මිනිසුන් මේ උළෙලට අදාළ ඉතිහාසය තුළ සුගත්ට ලැබෙන වටිනාකම නිසා කුහක වී මේ වගකීම් පැහැර හරිනවා වන්නට ද පුළුවන.

එවැනි සත්පුරුෂයන් කාන්තාවන් ක්‍රීඩා පරිපාලන කේෂ්ත්‍රෙය් හිඟ නැත.ඉතිමා හොඳන් බලන්නකො ඇමතිතුමා කියා කම්පා වෙන මිනිසුන් අමාත්‍යවරුන්ගේ සම්පූර්ණ අසාර්ථකභාවය පිටුපස ඒ අසාර්ථකභාවයම අපේක්ෂාවෙන් උපක්‍රමිකව කටයුතු කරන ආකාරය සහ එයින් තමන්ගේ පැත්ත ආලෝකමත් කර ගන්නා ආකාරය අප මේ වසර 50 න් අඩුම තරමේ 30 ක කාලයක හෝ දැක ඇත.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here