මුහුණේ සුන්දරත්වය වගේම ආකර්ෂණය වැඩිකර පෙන්වන්න අපේ සිනහවට පුළුවන්. ඒ නිසාම දෛනික ජීවිතයේ දී මුඛ සෞඛ්‍යය රැකගැනීම කෙරෙහි අපි විශාල අවධානයක් යොමු කල යුතුයි. ඒ තුළින් සුන්දර සිනහවක් ඔබේ මුහුණේ රඳවා ගැනීමට හැකියාව ලැබෙනවා.
සෞඛ්‍යය සම්පන්න ජීවිතයක් බලාපොරොත්තු වන සෑම දෙනාම මුඛ සෞඛ්‍යය පිළිබඳ සැළකිලිමත් වීම ඉතා වැදගත්. ආහාර ජීර්ණ පද්ධතියේ ප්‍රධාන අංගයක් තමයි මුඛය. එය දත්, තල්ල, විදුරුමස්, දිව හා ඛේට ග්‍රන්ථි වලින් සමන්විත අතර තොල් වලින් මායිම් වෙලා තියෙනවා.
වර්තමානයේ දී බාල, තරුණ, මහලු බොහොමයක් මුඛ රෝගයන්ගෙන් පෙලෙන බව (නො) රහසක්.
ඒ අතර බහුලවම අත්විඳින්න, අසන්න, දකින්න ලැබෙන්නේ දත් හා විදුරුමස් ආශ්‍රිත රෝගාබාධයන්.
තවත් උදාහරණ විදියට
වැනි තත්වයන් සමාජය තුළ බහුලවම පවතින මුඛ රෝග ලෙස හැඳින්විය හැකිය.
පරම්පරා ගණනාවක විශ්වාසය තුළින් ස්වභාවික අමුද්‍රව්‍ය වලින් වගේම, ඖෂධීය වටිනාකමක් ඇති දන්තාලේපයක් භාවිත කර ගනිමින් නිවැරදි ක්‍රමවේදයකට අනුව දිනකට දෙවරක් දත් හොඳින් පිරිසිදු කිරීම වගේම, හොඳ සෞඛ්‍යය පුරුදු අනුගමනය තුළින් ලැබෙන ඔබේ සුන්දර සිනහව තුලින් ලොවක් එළිය කරන්න පුළුවන් වේවි.
මුඛ සෞඛ්‍යය ආරක්ෂා කරගැනීමට උපයෝගී කරගන්නා ස්වභාවික ඖෂධ අතුරින් ඉහළම උපයෝගිතාව සහිත ඖෂධය වන්නේ කරාබු නැටි.
කරාබු නැටි කියන්නේ ආසියාව හා දකුණු ඇමරිකාව නිජබිම කරගත් ශාකයක්. කරාබු ශාකයේ උද්භිත නාමය Syzygium aromaticum වේ. කරාබු ශාකයේ හටගන්නා මල් පොහොට්ටු කුළුබඩුවක් ලෙස ප්‍රචලිත අතර කරාබු නැටිවල ඇති ප්‍රධාන සංඝටකයක් වන ඉයුජිනෝල් සංයෝගය ශරීරයේ ඇතැම් රෝග සඳහා හොඳ ඖෂධයක් වනවා.
වැනි රෝග සඳහා මෙන්ම, විවිධ මුඛ රෝග වලට ඉක්මන් සහනය සලසන ඖෂධයක් ලෙස අතීතයේ පටන් කරාබු නැටි ප්‍රචලිතයි.
ඔබ දන්නවද? කරාබු නැටි යහගුණය තුළින් මුඛයට තිබෙන ප්‍රධාන වාසි මොනවද කියලා
මුඛයේ ආසාධන වගේම වේදනා වලට ක්ෂණික සහනය ලබා දීම- එනම් කරාබු නැටි තෙල් වල පවතින ඉයුජිනොල් වල විෂබීජහරණ හා වේදනානාශක ගුණ පවතින නිසා වේදනාවන්ට ඉක්මන් සහනයක් සැලසෙනවා
විශේෂයෙන් නිරෝගී, යහපත්,ආකර්ෂණීය මුඛ සෞඛ්‍යයක් දිර්ඝකාලිනව පවත්වා ගැනීමට ස්වභාවික කරාබු නැටි තෙල් අඩංගු උසස් ප්‍රමිතිගත දන්තාලේපයක් භාවිතය අත්වැලක් වෙනවා.
අතීත අපේ මුතුන්මිත්තන් කරාබු නැටි මෙන්ම කරාබු නැටි තෙල් මුඛ සෞඛ්‍ය ඉහළ නංවා ගැනීමට, විශේෂයෙන් දත් කැක්කුමටත් භාවිත කළ බවට සාක්ෂි තියනවා.එහිදී කරාබු නැටි සැපීම වගේම කරාබු නැටි තැම්බූ ජලයෙන් කට සේදීම වඩාත් ප්‍රචලිතය – පරම්පරාවෙන් රැගෙන ආ සොබා ගුණ තුළින් මේ ගෙවීයන සංක්‍රාමික සමය තුළ නිරෝගිකම රඳවා ගන්න කරාබු නැටි තෙල් අඩංගු උසස් ප්‍රමිතිගත දන්තාලේපයක් උදව් වේවි.
මේ පරම්පරානුගත දායාද අදටත් වලංගුයි.
මුඛ රෝග වළකා ගැනීමටත් මුඛය නැවුම්ව තබා ගැනීමටත් දිනපතා උදය සහ රාත්‍රී මුඛ සේදුම් දියරයක් භාවිතය සුදුසුයි.
එහිදී කරාබු නැටි තෙල් බිංදු කිහිපයක් ජලය 30ml ක පමණ දියකර එය මුඛයේ මඳ වේලාවක් රඳවා ඉවත් කිරීම ඔබට කරන්න පුළුවන්.
ස්වාභාවිකත්වයට ළංව ජීවත් වීම වගේම ස්වභාවික ඖෂධීය ගුණ අපේ ජීවිතයට හුරු කර ගැනීම තුළ දිගු කල් නිරෝගී සුන්දර සිනහවක පහස ඔබට මෙන්ම පවුලටත් රටටත් එළියක් වෙනු ඇත.
තොරතුරු සැපයීම් -චේතිකා නාගහවත්ත
ආයුර්වේද වෛද්‍ය නිළධාරිණි
රක්වාන ආයුර්වේද රෝහල
B.A.M.S (Hons) කැළණිය විශ්වවිද්‍යාලය
සටහන – මහේෂානි මීගහපොල
Saru FM Media