ස්මාර්ට් TV 230ක් වැඩ නෑ; ටෙලි මෙඩිසින් කොටඋඩ

0
5

ටෙලි මෙඩිසින් වෛද්‍ය උපදේශන පහසුකම ලබාදීම සඳහා මෙරට රෝහල්වලට බෙදා හරින ලද ස්මාර්ට් රූපවාහිනි තිර දෙසිය තිහක (230) පමණ ප්‍රමාණයක් මේ වනවිට භාවිතයට නොගැනීම නිසා අක්‍රිය තත්ත්වයට පත්ව ඇතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා කියයි.

මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියේය.

ඇමරිකානු අධාර යටතේ ලැබී ඇති මෙම ස්මාර්ට් රූපවාහිනි තිර රෝහල් සඳහා බෙදා දී ඇත්තේ 2023 වසරේදීය. 

ඒ සඳහා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ අත්සනින් යුතු ලිපියක්ද සියලුම මූලික රෝහල්, පළාත් රෝහල් අධ්‍යක්ෂවරුන් හා සෞඛ්‍ය ආයතන වෙත නිකුත් කර ඇත. 

එම ලිපියට අනුව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කර සිටින්නේ මෙම ස්මාර්ට් රූපවාහිනී තිර රෝගීන්ගේ තොරතුරු කළමනාකරණය කිරීම සඳහා විශේෂඥ වෛද්‍යවරුන්ට බැලීමට හැකි පහසු ස්ථානයක තබන ලෙසය. 

එසේම සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මෙම ලිපියෙන් රෝහල් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ ද්විතීයික සහ තෘතීයික සත්කාර සේවාවල සහාය ඇතිව ප්‍රාථමික සෞඛ්‍ය සේවා ශක්තිමත් කරන අතරම රෝගී සත්කාර සේවා වැඩිදියුණු කිරීම සඳහා මෙම පහසුකම උපරිම ලෙස භාවිත කරන ලෙසය. 

වසර තුනක පමණ කාලයක සිට මෙම රූපවාහිනි තිර භාවිතයට නොගැනීම නිසා ඒවා අක්‍රිය වීමේ තත්ත්වයක් උදාවී ඇති අතර එමගින් රුපියල් කෝටි ගණනක පාඩුවක් සිදුව ඇති බවද චමල් සංජීව මහතා පෙන්වාදෙයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here