ස්පාඤ්ඤයේ ග්රැසෆයිට් ආකරයක සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
උතුරු දිග ස්පාඤ්ඤයේ ග්රැවෆයිට් ආකරයේ මෙම පිපිරිම සිදු වී ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.
එම ආකාරයේ යන්ත්‍රයක සිදුවූ දෝෂයක් හේතුවෙන් පිපිරීම සිදුව ඇති බව අනාවරණය වි තිබෙනවා.
පිපිරීමෙන් පුද්ගලයින් 4 දෙනෙකු තුවාල ලබා ඇති අතර තවත් දෙදෙනෙකු අතුරුදන් බව එරට මාධ්‍ය වාර්තා කළා.
තුවාල ලැබු පුද්ගලයින් ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.
2018 වසරට පෙර එම ආකරයෙන් මහා පරිමාණයෙන් ග්රැනෆයිට් කැනීම සිදුකර ඇති අතර මේ වනවිට එය පෞද්ගලික අංශයට පවරා ඇති බවද සඳහන්.
පිපිරීම සිදුවන අවස්ථාවේ ආකරය තුළ රැඳී සිටි සේවකයින් සංඛ්‍යාව කොපමණද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.
Saru FM Media