ස්ථීර මහේස්ත්‍රාත් නෑ… ඩයනාගේ නඩු 07ක සාක්ෂි විභාගය කල් යයි…

0
6


ආගමික හා විගාමික පනත උල්ලංඝනය කරමින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම හා වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පැවරු නඩු 07කට අදාළ සාක්ෂි විභාගය අද (24) දිනට නියමිතව තිබූ අතර ස්ථීර මහේස්ත්‍රාත් නොමැති වීමෙන් එම නඩු විභාගය ජූලි 31 විභාගයට ගැනීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂන කැකුණවෙළ නියෝග කර තිබේ.
වගඋත්තරකාරිය අධිකරණයේ පෙනී සිටීමෙන් පසුව මෙසේ දින නියම කළ අතර සාක්ෂිකරුවන්ට එදින අධිකරණය පෙනී සිටින් ලෙසට නියෝග කර ඇත.
නඩුවේ සාක්ෂිකරුවන් ලෙස නම් කර සිටි ආගමන විගමන පාලක ජනරාල්ගේ නියෝජිතයෙකු, මහාධිකරණ නඩු භාණ්ඩ කාමරයේ භාරකාරවරයා හා නඩුවේ පළමු සාක්ෂිකාර පැමිණිලිකරු අධිකරණය පෙනී සිට තිබේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here