පසුගිය 2025.08.07 වැනි දින බොරැල්ලේ ,සහස්පුර , සිරිසරඋයන ක්‍රීඩාංගණයේදී වෙඩිතබා පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කර තවත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල සිදුකල බවට සැකකෙරෙන වෙඩික්කරුවා අත්අඩංගුවට ගෙන තිබේ .එම අපරාධය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබු ජයවර්ධනපුර පොලිස් විශේෂ කාර්ය බලකා විශේෂ වැටලීම් ඒකකය මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබේ .
පසුගිය 12 වැනි දා පෙරවරුවේ එම ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් දමන ප්‍රදේශයේදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ . ඒ , අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 යි ,මිලිග්‍රෑම් 710 ක් හා යතුරු පැදියක් සමඟය . වයස අවුරුදු 34 ක් වන දමන, අම්පාර ප්‍රදේශයේ පදිංචි එම සැකකරු , දමන පොලිස් බාරයට පත්කර තිබේ .
සැකකරු ශ්‍රී ලංකා යුධ හමුදාවේ සේවය කර 2015 වර්ෂයේ දී , යුද හමුදාවෙන් පලාගොස් ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත. දමන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
Saru FM Media