රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සලේ සහ හිටපු ජනාධිපති ගෝටාබය රාජපක්ෂ සම්බන්ධයෙව් ඉතා බරපතල කරුණු රැසක් අද (11) අධිකරණයේදී අනාවරණය වී තිබේ.
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවල නවතම ප්‍රගතිය කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරමි සිදු කළ කරුණු දැක්වීමේදීය.
එහිදී අපරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත්තේ, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ රැඳවුම් භාරයට ගෙන ඇත්තේ ප්‍රධාන චෝදනා 03ක් ඔස්සේ බවය.
එමෙන්ම නඩුවේ පළමු සැකකරුවන් දෙදෙනා මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර තෙවන සැකකරු වන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේගෙන් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රැඳවුම් භාරයේ ප්‍රශ්න කරමින් සිටින බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දී ඇත.
තෙවන සැකකරු සුරේෂ් සලේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට ඍජුව සම්බන්ධ බවට කරුණු විමර්ශනයේදී අනාවරණය වී ඇද්දැයි මෙහිදී මහේස්ත්‍රාත් විමර්ශන නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර තිබේ. ඊට පිළිතුරු දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් සඳහන් කර ඇත්තේ, ප්‍රධාන කරුණු තුනක් ඔස්සේ සුරේෂ් සලේගේ සැකකාරභාවය පිළිබඳ කරුණු අනාවරණය වී ඇති බවය.
එහිදී කරුණු දැක්වූ විමර්ශන නිලධාරීන් සඳහන් කර අරත්තේ, ත්‍රස්ත ප්‍රහාරයට පෙර සමයේ යුද හමුදා බුද්ධි අංශය විසින් මීගමුව ප්‍රදේශයේ පුද්ගලයෙකු දිගුකාලීනව තොරතුරුකරුවෙක් ලෙස පවත්වාගෙන ගොස් තිබෙන බවත්, මෙම තුන්වන සැකකරු එම ඔත්තුකරු යොදා ගනිමින් කටුවාපිටිය දේවස්ථානය මුස්ලිම් අන්තවාදීන්ට පෙන්වා තිබෙන බවත්යි.
එසේම යුද හමුදා බුද්ධි අංශය පානදුර ප්‍රදේශයේ පවත්වාගෙන ගිය තවත් තොරතුරුකරුවකු මෙවැනි ප්‍රහාරයක් සිදුවෙතැයි පෙර දැනුම්දීමක් කර ඇති අතර, නමුත් ඊට සුදුසු පියවරක් බුද්ධි අංශය ගෙන නොමැති අතර ප්‍රහාරයෙන් පසු එම ඔත්තුකරු බුද්ධි අංශයට සඳහන් කර ඇත්තේ “යුද හමුදාවේ වසර 20ක්වත් පළපුරුද්ද තිබෙන ඉහළ නිලධාරියෙක් මේ පිටුපස ඉන්න ඕනේ” ලෙසය.
අනතුරුව ප්‍රහාරයෙන් පසු යුද හමුදා බුද්ධි අංශයම එම ඔත්තුකරු අත්අඩංගුවට ගෙන ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට භාර දීමක් සිදු කර ඇති අතර පසුව නීතිපති උපදෙස් මත එම ඔත්තුකරු නිදහස් කර ඇත. ඔහු නිදහස් වී පැමිණි පසු තෙවන සැකකාර සුරේෂ් සලේ ඔත්තුකරුවා හෝටලයකට ගෙන්වා ස්තූති කර ඇති බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට සඳහන් කර තිබේ.
එසේම පාස්කු ප්‍රහාරයෙන් පසු සයින්දමරුදු නිවසේ පිපිරීම සිදුවන අවස්ථාවේ එම ස්ථානයේ සිටි සාරා ජැස්මින්ගේ මෘත ශරීරයක් මේ වන තුරු සොයාගෙන නොමැති බවත්, පළමු DNA පරීක්ෂණ දෙකේදීම ඇයගේ මෘත ශරීරයක් හඳුනා නොගත් බවත් එසේ තිබියදී තෙවන DNA පරීක්ෂණයක් සිදු කරන ලෙස මේ සැකකාර සුරේෂ් සලේ දිගින් දිගටම විමර්ශන නිලධාරීන්ට බලපෑම් කර ඇති බවත් හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සහ විමර්ශන නිලධාරී නිශාන්ත සොයිසා ප්‍රකාශ දී ඇති අන්දමට ආරක්ෂක කවුන්සිලය තුළදීද මේ බලපෑම සිදුවී ඇති බවත් විමර්ශන නිලධාරීන් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
මෙම බලපෑම් කොතරම් තදින් ක්‍රියාත්මක වීද යත්, එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියෙකුට ඇති වූ දැඩි මානසික පීඩනය හේතුවෙන් හදිසි හෘදයාබාධයක් පවා වැළඳී ඇති බවත් CIDය අධිකරණයට හෙළි කර තිබේ.
ජාතික ආරක්ෂක කවුන්සිලය රැස් වූ අවස්ථාවක එවකට සිටි ජනාධිපති විසින්ද මෙම තෙවන DNA පරීක්ෂණය පවත්වන ලෙස උපදෙස් ලබා දී ඇති බව විමර්ශන නිලධාරීන් වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කරමින් පවසා ඇත. එවකට ජනාධිපති ලෙස කටයුතු කරනු ලැබූවේ ගෝඨාභය රාජපක්ෂය.
තෙවන ඩී එන් ඒ පරීක්ෂණයක් සිදුකිරීමට ආරක්ෂක මණ්ඩලයේ දී හිටපු ජනාධිපතිවරයා නියෝග ලබාදුන්නේ විමර්ෂණ හරිමගට ගැනීමටද එසේත් නැතිනම් සාක්ෂි වසන් කිරීමට සහ කඩාකප්පල් කිරීම සඳහාද යන්න විමර්ෂණය කරන ලෙස එහිදි මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර නියෝග කර ඇත.
එමෙන්ම එම අවස්ථාවේදී අපරාධ වරදක් තිබේද නැද්ද යන්න සම්බන්ධයෙන්ද වහාම විමර්ෂණය කර අධිකරණයට වාර්තාවක් ගොනුකරන ලෙසත් නියෝග කර තිබේ.
ශ්‍රී ලංකා බුද්ධි අංශයේ දීර්ඝ කාලයක් ඔත්තුකරුවකු ලෙස සේවය කළ මීගමුවේ පදිංචි අයෙක්ගෙන් තුන්වන සැකකරුවන සුරේෂ් සලේ හරහා අන්තවාදීන්ට කටුවාපිටිය දේවස්ථානය පෙන්වා ඇත්තේ එම ඔත්තුකරු බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා ඇත.
එමෙන්ම සුරේෂ් සලේ රාජ්‍ය බුද්ධි අංශයේ අධ්‍යක්ෂවරයා වූ පසුව එම විමර්ශන සිදු කරන ආකාරය සම්බන්ධයෙන් ඔහුගෙන් තොරතුරු ලබා ගෙන ඇති බවද අනාවරණය කර ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මෙහිදී අධිකරණයට දන්වා තිබේ.
එමෙන්ම අදාළ ඔත්තුකරු අත්අඩංගුවට ගෙන සිටියදී ඔහුගේ නිවස බලාගැනීම, ඔහුගේ පුත්‍රයට යුද හමුදා බුද්ධි අංශයේ පරිගණක අංශයේ රැකියාවක් සොයාදී ඇති බවටද අධිකරණයට හෙළි කර ඇත.
තවද යුද හමුදා බුද්ධි අංශයට ඔත්තුකරුවන් නඩත්තු කිරීමට හැකි වුවත් ඔහු අත්අඩංගුවට ගෙන තිබියදීත් මෙලෙස කටයුතු කර තිබේද යන්න මෙහිදී මහේස්ත්‍රාත් විමසා තිබේ.
එහිදී රහස් පොලිසිය දන්වා ඇත්තේ ඊට අදාළ සාක්ෂි පවතින බවය.
මෙහිදී තෙවන සැකකරු ලෙස නම් කළ හිටපු බුද්ධි අධ්‍යක්ෂ සුරේෂ් සලේ සැකකරුවකු ලෙස නම්කිරීමට අදාළ සාක්ෂි ඇතුළත් පිටු 25 කින් යුත් සාක්ෂි සම්පිණ්ඩන වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇත.
2
Saru News
















