සලේ අත්අඩංගුවට ගත්තේ පාස්කු ප්‍රහාරය ගැන ප්‍රමාණවත් කරුණු මත – පොලිසිය – Saru News | සිංහල

0
7

හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීම සිදු කළේ පාස්කු ප්‍රහාරය ගැන සිදු කරනු ලබන විමර්ශනවලට අදාළව ප්‍රමාණවත් කරුණු අනාවරණය වී ඇති නිසා බව පොලිස් මා ප්‍රකාශක, පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් පවසයි.

ඔහු අද (25) අලුයම පෑලියගොඩ ප්‍රාදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය.

හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබා ගැනීමට කටයුතු කරන බවද එම මාධ්‍ය හමුවට එක් වෙමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත පැවසීය.

මේ සම්බන්ධයෙන් කරනු අනාවරනය කර මාධ්‍ය හමුවක් ඉදිරියේදී පවත්වන බවද මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරිණ.

415

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here