සලේට චෝදනා තියෙනවා. අපි බලන් ඉන්නවා මොකද වෙන්නේ කියල – මුජුබර්

0
2

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:පාස්කු ප්‍රහාරයේ විමර්ශනවලට අදාළව මේ වන විට අත්අඩංගුවට පත්ව සිටින හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානීට චෝදනා රැසක් එල්ල වී තිබෙන අතර ඔහු සම්බන්ධයෙන් ඉදිරියට ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව බලා සිටින බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පැවසීය.

මෙම අත්අඩංගුවට ගැනීම හරහා බොහෝ දේ අනාවරණය වනු ඇතැයි විශ්වාස කරන බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

සහරාන් ඇතුළු කණ්ඩායමට එවැනි ප්‍රහාරයකට යම්කිසි පිරිසකගේ සහය ලැබිය යුතු අතර එවැනි පිරිසක් නිදැල්ලේ සිටීමද රටේ ආරක්ෂාවට තර්ජනයක් බව සමඟි ජන බලවේගය ලෙස දිගින් දිගටම අවධාරණය කළ බවද ඔහු ප්‍රකාශ කළේය.

”මේ ආණ්ඩුව බලයට පත්වෙනකොට මහ මොළකරු සම්බන්ධයෙන් විශාල පොරොන්දුවක් ලබා දුන්නා. එතකොට ඒ බුද්ධි අංශ ප්‍රධානීට ජනාධිපති කොමිෂන් සභාවේ සාක්ෂි දීපු අය නොයෙකුත් චෝදනා කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් නීතිය හා සාමය අමාත්‍යාංශයේ ලේකම්වරයා ඔහුගේ සාක්ෂි ලබා දීමේදීත් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම අසාද් මවුලානා කියන පුද්ගලයෙක්, පිල්ලෙයාන් එක්ක හිටපු ඔහුත් මේ බුද්ධි අංශ ප්‍රධානියා සම්බන්ධව ඔහු සහරාන් එක්ක ගණුදෙනු කළා කියනවා. දැන් අවුරුදු එකහමාරකින් පසුව ආණ්ඩුව ඔහුව අත්අඩංගුවට අරන් තිබෙනවා. මුල ඉඳන්ම සමඟි ජන බලවේගය හැටියට අපි දරපු මතයත් වුණේ සහරාන්ගේ කණ්ඩායම මෙවැනි ප්‍රහාරයකට යන්න යම් කිසි පිරිසක් ඔවුන්ට අවශ්‍ය දේවල් ලබා දීලා තියෙනවා. ඒ හින්දා ඒ කණ්ඩායම නිදැල්ලේ සිටීම මේ රටේ ආරක්ෂාවට තර්ජනයක් කියන එක තමයි අපි දරපු මතය. දැන් තියෙන දේ තමයි මේ අත්අඩංගුවට ගැනීමත් එක්කම මේ පරීක්ෂණ දිහා අපිත් බලාගෙන ඉන්නවා. අපි විශ්වාස කරනවා මේ හරහා සහරාන්ගේ කණ්ඩායමත් එක්ක මේ වැඩේට සම්බන්ධ වෙච්ච යම් පිරිසක් ඉන්නවා. ඒ පිරිසත් මේ පරීක්ෂණ හරහා හදුනාගන්න පුළුවන් වෙයි කියන එක තමයි අපිත් බලාපොරොත්තුවෙන් ඉන්නේ අපි ඉදිරියට බලමු ආණ්ඩුව මේ සම්බධයෙන් ක්‍රියාකරන ආකාරය පිළිබඳව” යනුවෙන් මන්ත්‍රීවරයා සඳහන් කරන ලදී.

The post සලේට චෝදනා තියෙනවා. අපි බලන් ඉන්නවා මොකද වෙන්නේ කියල – මුජුබර් appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here