සලේට එරෙහිව රාජපක්ෂ කල්ලියේ ප්‍රබලයෝ සාක්ෂි දීලා… – Saru News | සිංහල

0
2

පාස්කු ඉරු දින එල්ල කරන ලද ම්ලේච්ච ප්‍රහාරය සම්බන්ධයෙන් පවත්වාගෙන යන පරීක්ෂණ සඳහා මේ වනවිට අත්අඩංගුවට ගෙන සිටින හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේට එරෙහිව රාජපක්ෂ පිලේ සිටි ප්‍රබලයින් රැසක් කරුණු ඉදිරිපත් කර ඇති ආකාරය හෙළි වේ.

මුලින්ම මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේ මේ පිළිබඳව ආණ්දෝලනාත්මක කරුණු හෙළිකර පසුව ගෝටාබය රාජපක්ෂගේ කැබිනට් ඇමති ධුර ලබාගත්හ. එමෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පත් කළ ජනාධිපති විශේෂ කොමිෂන් සභාවේදී රනිල් වික්‍රමසිංහද සලේ පිළිබඳව ප්‍රකාශ කර තිබුණේ ඉස්ලාම් අන්තවාදී ක්‍රියාකාරකම් ඔහු දැන සිටි බවය. පසුව රනිල් වික්‍රමසිංහද පොහොට්ටු මන්ත්‍රීවරුන්ගේ ජනාධිපති බවට පත් විය.

මේ අතර 2008දී නැගගෙන හිර මහමති ලෙස රාජපක්ෂලා සමග එක් වී කටයුතු කළ සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ සමීපතමයෙකු වූ අසාද් මව්ලානා චැනල් ෆෝ නාලිකාවට සුරේෂ් සලේ පාස්කු දා ප්‍රහාරය සම්බන්ධයෙන් අවබෝදයක සිටි බව තොරතුරු හෙළි කර තිබිණි.

මේ ආකාරයට සුරේෂ් සලේ සම්බන්ධ තොරතුරු රැසක් රාජපක්ෂ කල්ලියේ සමීපතමයින් මීට පෙර අවස්ථා ගණනාවකදී හෙළි කර තිබිණි.

1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here