කොළඹ LNW:පාස්කු ප්‍රහාරයේ විමර්ශනවලට අදාළව මේ වන විට අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත සිටින හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානි සුරේෂ් සලෙයි පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවකු ලෙස නම් කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතු බව එම දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කර තිබේ.
ඒ අනුව ප්‍රධාන කරුණු තුනක් ඔවුන් පෙන්වා දෙයි.
ඉන් පළමු වැන්න, පාස්කු ප්‍රහාරයට පෙර සිද්ධ වූ වවුනතිව් පොලිස් නිළධාරීන් දෙදෙනාගේ ඝා.ත.න.ය – එය සහරාන් කල්ලිය විසින් කරන ලද එකක් බව සගවමින් – එල්ටීටීඊ සංවිධානය විසින් කරන ලද්දක් බවට විමර්ශකයන් නොමග යැවීමට කටයුතු කිරීමයි.
දෙවැන්න, සහරාන් කල්ලියට කටුවාපිටිය දේවස්ථානය ඇතුළු දේවස්ථාන කිහිපයක තොරතුරු ලබා දීමට මැදිහත් වී ම යි. මෙය, සුරේශ් සලෙයි සෘජුව මැදිහත් වී සිදු කරන ලද්දක් නොවේ, ඔහු විසින් වෙනත් ඔත්තුකරුවක-ු හරහා කරන ලද්දක් බව පැවසේ.
තුන්වැන්න සයින්දමරුදු පි.පි.රී.මේ.දී සාරා ජැස්මින් මිය ගිය බව තහවුරු කිරීමට කටයුතු කිරීම: මේ සදහා සාරා ජැස්මින්ගේ තුන්වන ඩී.එන්.ඒ පරීක්ෂණයක් සිදු කිරීමට, සුරේශ් සලෙයි, එවකට පොලිස්පතිවරයා වූ සී.ඩී. වික්‍රමරත්නට දැඩිව බලපෑම් කර තිබේ. යනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දක්වා ඇත.
ඊට පෙර අවස්ථා දෙකක දී සිදු කරන ලද ඩී.එන්.ඒ පරීක්ෂණවලින් සාරා ජැස්මින් මිය ගිය බව තහවුරු කර ගැනීමට නොහැකි වී තිබුණි.
කෙසේවෙතත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් 4 නාලිකාව විසින් ප්‍රසිද්ධ කරන ලද වාර්තා වැඩසටහන තුළද සුරේශ සලෙයි වෙත චෝදනා එල්ල වී තිබේ.

The post සලෙයි ගැන සැකයට CID ය හේතු තුනක් දක්වයි! appeared first on LNW Sinhala.
Saru News
















