ආයුර්වේද වෛද්‍ය ක්‍රමයෙහි ප්‍රකට කෂායන් වන සුලු පස්මුල, දශමුල ආදී කෂායන්හි සල්වැන්න යෙදෙන නමුත් දේශීය භාවිතයේදී බොහෝ විට ඒ වෙනුවට අස්වැන්න ශාකය යොදා ඉහත කෂායන් පිළියෙල කරයි. සල්වැන්න දේශීයව දුර්ලභ ශාකයක් වීම ඊට හේතු වන්නට ඇතැයි සිතිය හැකි ය. කෙසේ වෙතත් සල්වැන්න වෙනුවට අස්වැන්න යෙදීමන් ද අවශ්‍ය ගුණාත්මක ප්‍රතිඵල ලැබෙන බව දේශීය වෛද්‍ය ශබ්ද කෝෂයේ දක්වා ඇත. සල්වැන්න උණ, හෘද රෝග, මුත්‍රගල්, වකුගඩු රෝග, ආහාර අරුචිය, අජීර්ණ, ඔක්කාරය, වමනය, පිළිකා, දියවැඩියාව, අතීසාරය, හිසරදය, උදරයේ වාතය එකතු වීම, ඉදිමුම්, මස්පිඩු පෙරලීම, අර්ශස්, සර්ප විෂ, ගෝනුසු විෂ ආදී රෝග අවස්ථා රැසකට ප්‍රතිකාර කිරීමට යොදා ගත හැකි බව සඳහන්. සල්වැන්න උණ නසන, වේදනාවන් සමනය කරන, මුත්‍රකාරක, කුසගිනි වඩවන ආදී ගුණ රැසකින් සමන්විතයි.
සල්වැන්න පත්‍ර ක්වාථය පිත්තාශ ගල්, මුත්‍රාශ ගල් සහ වකුගඩුවල ඇති වන ගල් ආදියට ප්‍රතිකාර කිරීම සඳහා යොදා ගනී. පත්‍ර ප්‍රලේපය නළලෙහි එලීමෙන් හිස කැක්කුම සුවපත් වෙයි. වකුගඩු ආශ්‍රිතව ඇති වන විවිධ රෝග, ඉදිමුම්, කල්ගත වූ උණ, අතීසාරය, පාචනය ආදී රෝග අවස්ථාවලදී මුල් ක්වාථය යෙදෙන අතර විශේෂයෙන් එය වේදනා නාශක ගුණ පෙන්වයි.
මූලාශ්‍ර_ දේශීය වෛද්‍ය ශබ්ද කෝෂය සහ අන්තර්ජාලයෙන්
Saru FM Media