සර්වජන බලයේ නව විධායක කමිටු සභික සහ ජාතික මෙහෙයුම් ප්‍රධානී ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන නිතීඥ මධුර විතානගේ මහතා පත් කර තිබේ.
ඒ මහතාගේ පත්වීම් ලිපිය අද (24) පෙරවරුවේ සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යවසායක දිලිත් ජයවීර මහතා විසින් මධුර විතානගේ මහතා වෙත ලබා දුන්නේය.
ඒ කොළඹ පිහිටි පක්ෂ කාර්යාලයේදීය.
මධුර විතානගේ මහතා 2011 සිට 2016 දක්වා කාලය තුළ කෝට්ටේ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති ලෙස කටයුතු කළ අතර පසුගිය 2018 වසරේ සිට 2020 දක්වා කාලය තුළ කෝට්ටේ නගරාධිපති ලෙසද කටයුතු කර තිබේ.
එමෙන්ම පසුගිය 2020-2024 කාලයේදී ඒ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසද කටයුතු කළේය.
Saru FM Media








