රෂිකා හෙන්නායක
සරසවි සිසුන් 06 දෙනෙකුගේ පන්ති තහනම් කර තිබේ.
ඒ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවන වසර සිසුවෙකුට පහර දුන් සිසුන් පිරිසකට බවයි වාර්තා වන්නේ.
නවක වදයට එරෙහි වීම මත එම සිසුවාට පහරදි ඇති බව, එහි උප කුලපති මහාචාර්ය පද්මලාල් එම්. මානගේ මහතා සඳහන් කළ අතර, ඔහු මේ වනවිට වැලිගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.
අදාළ සිසුවා හෝමාගම පොලීසියට කළ පැමිණිල්ලක් මත සැකකාර සිසුන් අත්අඩංගුවට ගැනීමට මේ වනවිට පරික්ෂණ ක්‍රියාත්මක කර ඇති බව වැඩි දුර වාර්තා වේ.
Saru FM Media