ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති වශයෙන් කටයුතු කළ සමයේ එම ආයතනයට කුලී පදනම මත වාහන මිලදී ගැනීමේදී රජයට පාඩු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ හිටපු නියෝජ්‍ය ඇමති සරණ ගුණවර්ධනට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩු 04ක තීන්දුව අප්‍රේල් මස 30 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණය අද (03) නිවේදනය කර තිබේ.
ඒ එම නඩු අද (03) කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් හමුවේ කැඳවූ අවස්ථාවේදීය.
එහිදී නඩූවේ පාර්ශ්වකරුවන් විසින් වාචික දේශන ඉදිරිපත් කිරීම අවසන් කර ඇත.
ඉන් අනතුරුව මෙම නඩු 04 තීන්දුව අප්‍රේල් මස 30 වනදා ප්‍රකාශයට පත් කරන බව විනිසුරු තීරණය කර තිබේ.
2006 වසරේ ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති වශයෙන් කටයුතු කරමින් එම ආයතනයට කුලී පදනම මත වාහන ලබා ගැනීමේදී රජයට පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ඉකුත් යහපාලන රජය සමයේ සරණ ගුණවර්ධනට එරෙහිව මෙම නඩු ගොනු කර තිබිණි.
1
Saru News















