සයිබර් ආරක්ෂණයේ අභියෝග සංවර්ධනයටත් තර්ජනයක් – ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ Takafumi Kadono

0
1

සයිබර් ආරක්ෂණයේ අභියෝග හුදෙක් තාක්ෂණික ඒවා පමණක් නොව, සමස්තයක් ලෙස සංවර්ධනයට හා ප්‍රගතියට තර්ජනයක් සහ ඩිජිටල් පරිසර පද්ධතියට ද  බාධාවක් ඇති කරන බව ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ Takafumi Kadono මහතා පැවසීය.

ඩිජිටල් ආර්ථික සංවර්ධනය සදහා සයිබර් ආරක්ෂණය සහ දත්ත ආරක්ෂාව මැයෙන් ආසියානු සංවර්ධන බැංකුව විසින් සංවිධානය කර තිබූ සමුළුවක් අමතමින් ඔහු මේ බව කීවේය.

මේ බව හෙළි කරමින් ඒ ගැන මේ සමුළුව මගින්  ‘ඇස් ඇරීමක්’ වූ බව ද ඔහු කියා සිටියේය. කොළඹ ෂැන්ග්‍රිලා හිදී පැවති මේ ආසියානු සංවර්ධන බැංකුවේ සෙරන්ඩිපිටි දැනුම  වැඩසටහන, Takafumi Kadono මහතා සහභාගී වූ සෙරන්ඩිපිටි දැනුම අවසන් වැඩසටහන වීම ද විශේෂත්වයකි.

ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා කතා කරමින් අවධාරණය කළේ, ශ්‍රී ලංකාව සඳහා ඩිජිටල් පරිවර්තනය යනු හුදෙක් මුලපිරීමක් පමණක් නොව, ජාතික ආර්ථිකය පුනර්ජීවනය කිරීමේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපාය මාර්ගයේ ප්‍රධාන කුළුණු තුනෙන් එකක් බවයි. ඔහු පැහැදිලි කළ ඉලක්කය වූයේ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිත වර්ධන වේගය සැලකිය යුතු ලෙස ඉහළ නැංවීම සඳහා මෙම පරිවර්තනය උපයෝගී කර ගැනීමයි.

සයිබර් ආරක්ෂාව සහ දත්ත ආරක්ෂාව පිළිබඳ කොළඹ ශැන්ග්‍රිලා හෝටලයේ දී පැවති මේ සමුළුව ADB හි ශ්‍රී ලංකාවෙන් නික්ම යන ශ්‍රී ලංකා  අධ්‍යක්ෂ ටකාෆුමි කඩෝනෝගේ ඇමතීමෙන් අවසන් විය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here