සම සෞඛ්‍ය උපාධිධාරී බඳවා ගැනීමේ තරග විභාගයට පෙනී සිටි සියලුම දෙනාට රස්සාව ?

0
6


පරිපූරක වෘත්තීන්ගේ සේවාවට අයත් වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ හා භෞත චිකිත්සක තනතුරු සඳහා පැවැත්වූ විභාගය වෙනුවෙන් ඊයේ (28) දින පෙනී සිටි සියලුම දෙනාට එම පත්වීම් හිමිවනු ඇති බවට තමන් විශ්වාස කරන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

පවතින පුරප්පාඩුවවලට වඩා විභාගයට පෙනී සිටි සංඛ්‍යාව අඩුවීම තුළ එම අවස්ථාව හිමිවනු ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (29) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මාධ්‍යවේදීන් එහිදී මෙම තරග විභාගය පිළිබඳ නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ මෙම තනතුරු සඳහා පුරප්පාඩු 500ක් පවතින බවයි.

එමෙන්ම මෙහිදී අනාවරණය වුණේ එම තරග විභාගය සඳහා අයදුම්පත් යොමුකර තිබූ විශාල පිරිසක් විභාගය වර්ජනය කර ඇති බවයි.

ඒ, හේතුවෙන් ඊයේ (28) දිනයේ විභාගය සඳහා පෙනී සිටි 105 දෙනා වෙනුවෙන් එම පත්වීම් හිමිවනු ඇති බවට තමන් විශ්වාස කරන බවයි නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

කෙසේ වෙතත් මෙම විභාගයේ ප්‍රතිඵල සති දෙකක් ඇතුළත නිකුත් කිරීමට පියවර ගන්නා බව ද ඔහු පැවසුවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here