සුන්දර රුවක් සඳහා නිපදවන බොහෝ ආලේපන සඳහා විවිධ තෙල් වර්ග යොදා ගන්නවා. නමුත් අපගේ නිවසේ අප ඉවුම්පිහුම් වලට පාවිච්චි කරන පොල්තෙල් වලින් කිසිම වියදමක්නැතිව ලස්සන වෙන්නට හැකියාව තිබෙන බව ඔබ දන්නවාද ?
පොල් තෙල් වල සිරුරට හිතකර සංඝටක රාශියක් ඇතුලත් වෙනවා. ඒ නිසාම පොල් තෙල් මගින් සිරුරට අත්වන ප්‍රතිලාභ රාශියක් තිබෙනවා. ලැරික්, මයිරිස්ටික්, කැප්ලිරික්, ප්ලාමිටික්, ඕලික්, ලිනො ලික් වැනි ඇසිඩ් වර්ග අන්තර්ගත වී තිබීම විශේශයක්.
ඉතින් අපි බලමු ගෙදර දොරේ මෙතරම් සුලබ පොල් තෙල් එක්ක ලස්සන වෙන්නෙ කොහොමද කියලා.
තවත් විශේෂ කරුනක් තිබෙනවා. වෙලඳපොලේ වීවිධ රසායනික ද්‍රව්‍ය මුසු පොල්තෙල් විකිනීමට ඇති නිසා නියම පොල්තෙල් ලෙස තහවුරු කරගත් ඒවා පමනක් සම මතආලේප කිරීමට සැලකිලිමත් වෙන්නට ඕනෑ. වෙලඳපොලේ ඇති සුදු පොල්තෙල් ද මේ සඳහා සුදුසුයි.
පොල්තෙල් අතිශයින්ම ස්වාභාවික එකක් නිසා මෙම සත්කාර මගින් සමේ අසාත්මිකතා ඇතිවීමට ඉඩකඩක් නැහැ.
නමුත්ඔබට තිබෙන්නේ තෙල් සහිත සමක් නම් මෙය ගැලපෙන්නේ නැහැ. තෙල් ගතිය වැඩිවී සමේ බිබිලි සහ කුරුලෑ ඇතිවීමට ඇති ඉඩකඩ වැඩියි.
– ඉරේෂා –
Saru FM Media