පොල් වතුර කියන්නේ ඔබේ නිවසේ මුළුතැන්ගෙයින් පහසුවෙන්ම හොයාගන්න පුළුවන් දෙයක් වගේම සමහර වෙලාවට ගෘහණියන් ඉවත දමන දෙයක්. ඉතින් මේ විදිහට ඉවත දමන පොල් වතුර ඔබට ලස්සන වෙන්න භාවිතා කරන්න පුළුවන් කිව්වොත් ඔබ විශ්වාස කරනවද ? ඇත්තටම පොල් වතුර කියන්නේ ඔබට ඔබේ සම සඳහා භාවිතා කරන්න පුළුවන් ඉතාම හොඳ අමුද්‍රව්‍යක්
පොල් වතුරේ සයිටොකිනින්, විශේෂයෙන්ම කිනෙටින් නැමති සංඝටක අඩංගු වන අතර එමඟින් ඔක්සිකාරක හානි වළක්වා සෛල වයසට යාම වේගවත් කරන ක්‍රියාවලීන් ප්‍රමාද කරනවා. මෙම කිනෙටින් නැමැති සංඝටකය සමට ප්‍රතිකාර කරන නිෂ්පාදන වල සහ සම ආරක්ෂා කරන නිෂ්පාදන වලද අඩංගු වන අතර පොල් වතුර පානය කිරීම මගින් ඔබට ස්වභාවිකවම එය ශරීර අභ්‍යන්තරයට ලබාගත හැකි වනවා.
පොල් වතුර වල සමේ සෞඛ්‍යයට හිතකර වන විටමින් සී සහ ලෝරික් අම්ලය අඩංගු වෙනවා. විටමින් සී මගින් හිරුගේ අහිතකර කිරණ වලින් සමට ඇතිවන හානි වලින් සම ආරක්ෂා කරන අතර වෙනත් පාරිසරික බලපෑම් නිසා සමට ඇතිවිය හැකි හානි වලින් ද සම ආරක්ෂා කරනවා. ඒ වගේම විටමින් සී වලින් සමේ තරුණ බව රැක ගන්නා කොලජන් නිෂ්පාදනය වැඩි දියුණු කරන අතර විශේෂයෙන්ම සම පැහැපත් කිරීම ද සිදු කරනවා.
පොල් වතුර යොදාගෙන ඔබේ සම සම්බාහනය කිරීම මගින් සමේ පැහැය වැඩි කර ගත හැකිවන අතර සම දීප්තිමත් සහ මෘදු කර ගැනීමටද හැකියාව ලැබෙනවා.
පැපොල සහ සරම්ප වැනි තත්ත්ව නිසා සම මත ඇතිවන කුෂ්ඨ වගේම අධික උෂ්ණත්වය සහ වෙනත් පාරිසරික හේතු නිසා තම මත ඇතිවන කුෂ්ඨ සමනය කිරීමට ඔබට පොල් වතුර භාවිතා කරන්න පුළුවන්
උෂ්ණ අධික කාල වලදී ඔබේ සම ඉතා ඉක්මනින් වියලීමට ලක්වෙනවා. පොල් වතුර පානය කිරීම මගින් එසේ වියලීමට ලක්වීම වගේම ස්වභාවිකවම වියළි සමක් සහිත අයට සමේ තෙතමනය රඳා පවත්වා ගන්නට පුළුවන්. ඒ වගේම පොල් වතුර පානය කිරීම මගින් සම විජලනය වීම වළක්වා ගන්නටත් හැකියාව තියෙනවා
පොල් වතුර වල ක්ශුද්‍ර ජීවී නාශක කාරකයක් වන ලෝරික් අම්ලය අඩංගු වන අතර එය කුරුලෑ සහ කුරුලෑ නිසා ඇතිවන දැවිල්ල සුව කිරීමට උපකාරී වනවා. ඔබ කුරුලෑ පාලනය සඳහා භාවිතා කරන ෆේස් මාස්ක් වර්ග නිවසේදී සාදා ගන්නවා නම් ඒවා මිශ්‍ර කර ගැනීමට ඔබට පොල් වතුර භාවිතා කරන්නට පුළුවන්. එසේත් නැත්නම් පොල් වතුර සෘජුවම භාවිතා කරන්නත් පුළුවන්.
නිවසේදී ඔබට පහසුවෙන්ම සොයාගන්න පුළුවන් අමු ද්‍රව්‍යයක් වන පොල් වතුර ඉවත නොදා ඉතා පහසුවෙන්ම ඔබේ රූපලාවන්‍ය කටයුතු සඳහා , ඔබේ සම නීරෝගී කර ගැනීමට යොදාගන්නා ආකාරයයි අපි මේ ලිපියෙන් ඔබ වෙත කරුණු ගෙනාවේ.
Saru FM Media