සම වියළී යාම අපේ පෙනුමට බොහෝ හානිදායකයි. ඒ වගේම වියළි සමක් නිසා ඔබව බොහෝ අපහසුතාවන්ට ලක් වෙන්න පුලුවන් මොනතරම් ලස්සනට ඇන්දත් මේකප් කරත් ඔබේ සම නීරෝගී නැතිනම් ඔබේ සුන්දරත්වය කැපී පෙනීම අඩු වෙන්න පුලුවන්. ඒ වගේම ඔබේ තරුණ පෙනුම දිගු කාලයක් රැකෙන්නත් නීරෝගී සමක් ඉතාම වැදගත්.
හම වියළී යන්නේ ඇයි වගේම කළ හැකි දේවල් ගැනත් අපි හොයලා බලමු.
හොඳින් වතුර බීම හමේ වියළි ගතිය මඟ හැර ගන්න හොඳම ක්‍රමයයි.පිපාසය ඇතිවෙන හැම විටම කෘතිම පාන වර්ග නොව පිරිසිදු ජලය පානය කරන්න, ඔබේ සිරුරේ බර අනුව ඔබ දිනකට පානය කල යුතු වතුර ප්‍රමාණය වෙනස් වෙනවා. ඔබේ සිරුරේ බර අනුව දිනකට අවශ්‍ය නිවැරැදි වතුර ප්‍රමාණය දැනගෙන ඒ ප්‍රමාණය ලබා ගැනීම වැදගත්. ( සිරුරේ බර අනුව අවශ්‍ය වතුර ප්‍රමාණය සොයා ගන්නා ආකාරය ගැන මීට පෙර ලිපියකින් අපි ඔබව දැනුවත් කලා…)
මෙය මඟ හරින්නම එපා. අනිවාර්යයෙන් කළ යුතු දෙයක්. සමේ තෙත ගතිය රඳවා ගන්න හොඳ හේතුවක්. දහවල් කාලයේ මෙන්ම රාත්‍රී කාලයේදීත් ඔබ Moisturizer ක්‍රීම් එකක් ආලේප කරන්න.
ඔබ එළිමහනේ ඉන්නවා නම් විතරක් නෙවෙයි දවල්ට ඇතුළු කාමරයක හිටියත් හොඳ සන් ක්‍රීම් එකක් භාවිතා කරන්න. මෙහිදී ඔබේ සමට ගැලපෙන සන් ක්‍රීම් එකක් නිවැරදිව තෝරා ගන්න.
එළවළු පළතුරු හොඳින් ආහාරයට ගැනීම ඔබේ සම යථා තත්ත්වයට ගන්න හොඳ ක්‍රමයක්. ඔබේ සිරුරේ ජල මට්ටම නිවැරදි ව පවත්වා ගෙන යන්න වැඩිපුර සිසිල් බවකින් යුතු මෙවැනි ආහාර වලින් පුලුවන්. සිරුරට සිසිල් බවක් හා විටමින් වර්ගද ලබා දෙන මෙවැනි ආහාර වැඩියෙන් ලබා ගන්න
රාත්‍රියේ දී ඔලිව් තෙල් සහ ආමන්ඩ් ඔයිල් ඔබේ moisturizer ක්‍රීම් එකට මිශ්‍ර කර ආලේප කරන්න
වෙනිවැල් ගැට තේ හැන්දක්, කඩල පිටි තේ හැඳි දෙකක්, කස්තුරිකහ බිංදු දෙකක්, යෝගට් තේ හැඳි දෙකක්, ලුණු කුඩු ස්වල්පයක් එකතු කර හොඳින් සම ස්ක්‍රබ් කර ගන්න.
මේවායින් පැක් එකක් සාදා සමේ ආලේප කර සෝදා ඉවත් කර ගන්න. මෙවැනි පැක් දමන විට ඔබේ ඇස් දෙකේ ආරක්ෂාව ගැන නිතරම සැලකිලිමත් වන්න.
මෙවැනි සත්කාර කරන අතරම ඉහත සඳහන් කළ යුතු දේවල් මාස කිහිපයක් එක දිගට කිරීම තුළි න් ඔබට ඔබේ සමත් සාමාන්‍ය සමක් හෙවත් නීරෝගී සමක් බවට පත් කර ගන්න පුලුවන්.
Saru FM Media