සම රැලි වැටීම වළකා පැහැපත් කරන ස්වාභාවික ප්‍රතිකාර

0
12


ඔබ වයස්ගත වන විට ඔබේ සමේ රැළි ඇතිවීම ඉතාම සාමාන්‍ය දෙයක්. නමුත් මේ සමේ රැළි ඇති වීම වෙනත් හේතුන් නිසාත් ඇති වන්නට පුළුවන්. මේවා සඳහා මිල අධික ප්‍රතිකාර මේ වන විට තිබුණත් ඔබට නිවසේදීම උනත් මේ තත්ත්වයන් පාලනය කර ගන්නට පුළුවන්. ඒ ගැනයි මේ ලිපිය

Banana mask

කෙසෙල් ගෙඩියක් හොඳින් පොඩි කර දොඩම් යුෂ තේ හැන්දක් සහ යෝගට් තේ හැන්දක් සමග මිශ්‍ර කරගන්න.

එය පිරිසිදු කරගත් මුහුණ මත ආලේප කර හරි පහළොවක් හෝ විස්සක් තිබෙන්නට හරින්න.

ඉන්පසු මද උණුසුම් වතුරෙන් සෝදා හරින්න

වාසි 

කෙසෙල් වල අඩංගු විටමින් A මගින් අඳුරු පැල්ලම් සහ කැළල් ඇතිවීම පාලනය කරන අතර විටමින් B මගින් සම වයසට යාම පාලනය කරයි. ඒ වගේම කෙසෙල් වල අඩංගු පොටෑසියම් මොයිස්චරයිසර් එකක් ලෙස ක්‍රියාකරමින් සම සජලනය කරයි.

දොඩම් වල අඩංගු විටමින් සී මගින් සම පැහැපත් කරන අතර යෝගට් මගින් සම පෝශණය කරමින් තෙතමනය ආරක්ෂා කරයි

බිත්තර සුදු මද සත්කාරය

බිත්තර සුදු මදයකට නැවුම් ලෙමන් යුෂ තේ හැන්දක් සහ මී පැණි තේ හැඳි බාගයක් හොඳින් මිශ්‍ර කර මුහුණේ ආලේප කරන්න 

විනාඩි 15 කට පසු මද උණුසුම් වතුරෙන් සෝදා හරින්න 

වාසි

බිත්තර සුදු මද යනු පටක අලුත් වැඩියාව සහ වර්ධනය සඳහා භාවිතා කරන ප්‍රෝටීන් ප්‍රභවයකි. ඒ වගේම කුරුලෑ ඇති කරන බැක්ටීරියා වල සෛල බිත්ති දිරවීමේ හැකියාව ඇති ලයිසොසයිම් ද බිත්තර සුදු මදවල අඩංගු වනවා.

Greek yogurt face mask 

ග්‍රීක යෝගට් කෝප්ප භාගයක් පිරිසිදු පිපිඤ්ඤා පෙති කිහිපයක් සමග බ්ලෙන්ඩ් කර ගන්න

මෙම මිශ්‍රණය මද වේලාවක් ශීතකරණයේ තබා ගන්න 

පිරිසිදු කරගත් මුහුණේ ආලේප කර විනාඩි විස්සකට පමණ පසුව සෝදා හරින්න

වාසි

ග්‍රීක යෝගට් වල බොහෝ විටමින් සහ  ප්‍රෝටීන අඩංගු වන අතර පිපිඤ්ඤා වල විටමින් B1, B2, B3, B5, B6, C, ෆෝලික් අම්ලය, කැල්සියම්, යකඩ, මැග්නීසියම්, පොස්පරස්, පොටෑසියම් සහ සින්ක් අඩංගු වේ.මේ සියල්ල ස්වභාවිකව ලැබෙන ඛනිජ ලවණ සහ විටමින් ඔබේ සම තද කිරීමටත්, සැහැල්ලු කිරීමටත්, සජලනය කිරීමටත්, වියළි බවින්, පීල් කිරීමෙන් හෝ ඉරිතැලීම්වලින් ආරක්ෂා කිරීමටත් උපකාරී වේ.

පොල්තෙල් සහ ඔලිව් තෙල්

මේ තෙල් වර්ග දෙකෙන් එකක් හෝ දෙකම සම අනුපාත වලින් මිශ්‍ර කර නින්දට පෙර ඔබේ සමේ ආලේප කර විනාඩි දහයක් පමණ හොඳින් සම්භාහනය කරන්න 

වාසි 

මෙම තෙල් වර්ග ප්‍රතිඔක්සිකාරක වලින් සමන්විත වන අතර සම රැලි වැටීම වලක්වයි

සමේ තෙතමනය ආරක්ෂා කරමින් රැලි වැටීම සහ රේඛා ඇතිවීම වළක්වයි 

ලෙමන් සහ මී පැණි 

ලෙමන් සහ මී පැණි සම අනුපාත වලින් මිශ්‍ර කර මුහුණේ ගල්වන්න

විනාඩියක් පමණ සම්බාහනය කර විනාඩි දහයක් පමණ සම මත තිබෙන්නට හැර සෝදා හරින්න 

වාසි 

මී පැණි වල humectant අඩංගු වන අතර එය සමේ සෛලවල තෙතමනය ආරක්ෂා කරන අතර ලෙමන් කොලජන් නිෂ්පාදනය වැඩි කරයි .මේ මගින් සමේ රැලි ඇතිවීම පාලනය කර සම පැහැපත් කරයි 

මේ ප්‍රතිකාර ඔබට නිවසේදීම ඉතාම පහසුවෙන් කරගන්නට පුළුවන් වගේම ඔබට තිබෙන සමේ රැළි ඇතිවීමේ ගැටලුව වළක්වා ගෙන සම පැහැපත් කරගන්නත් පුළුවන්.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here