සම රන් පැහැ කරන ස්වභාවික ආයුර්වේදීය පානය

0
9


ඉන්දියානු කාන්තාවන් තමන්ගේ සම ලස්සන කර ගන්න පැහැපත් කර ගන්න කෘතිම දේවල් වලට වඩා ස්භාවික ආහාර, පාන වර්ග බොහොමයක් භාවිතා කරනව. ඒ අතරින් Golden Milk කියන්නෙ ඉන්දියානු තරුණියන් අතර බොහොම ජනප්‍රිය පානයක්. ඔවුන් මේ පානය දිනපතාම පානය කරනවා කියන එක බොහෝ දෙනෙක් දන්නව වුනාට මේ ලස්සන සමක් සුන්දර පෙනුමක් ලබා දෙන Golden Milk එක කොහොමද නිවැරදි ක්‍රමයට හදා ගන්නේ කියලා දැන ගන්න අපේ කාන්තාවන් ගොඩක් අය කැමති වේවි.
එහෙනම් අද අපි බලමු සම පැහැපත් කරන Magic Golden Milk එකක් හරියට හදා ගන්නේ කොහොමද කියලා.

Magic Golden Milk කියලා කියන්නේ හරිම ගුණදායි පානයක්.ලංකාවේ ඒ තරම්ම ජනප්‍රිය නොවුණත් ඉන්දියාවේ නම් මෙය හරිම ජනප්‍රියයි.මෙය සාම්ප්‍රදායික ඉන්දියානු පානයක් වන අතර එය ආයුර්වේදය තුළද සඳහන් වනවා.

මෙය පාරම්පරික ඉන්දියානු පානයක්.ලස්සන වෙන්න සම පැහැපත් කර ගන්න වගේම ශරීරයේ ප්‍රතිශක්තිකරණය හොඳ මට්ටමකින් පවත්වාගෙන යාමටත් මෙම Magic Golden Milk උපකාරී වනවා.ඉන්දියානුවන් සුළු සෙම්ප්‍රතිශ්‍යවක් පැමිණියත් මෙම පානය භාවිතා කරන්නේ එහි පවතින ගුණදායි බව නිසාමයි.ඒ වගේම ඉන්දියානු කතුන්ගේ සුන්දරත්වයේ රහසත් මෙම පානය බවයි ඔවුන්ගේ විශ්වාසය.

Fresh Milk කෝප්පයකට කහ කුඩු තේ හැඳි එක හමාරක්,,කුරුඳු කුඩු ග්‍රෑම් 20ක් සහ ඉඟුරු ග්‍රෑම් 20ක් එක් කර කරගන්න .

පසුව විනාඩි 10ක් මෙය ලිපේ තියාගෙන හොඳින් උණු කර ගන්න.

පසුව එයට ආමන්ඩ් බටර් තේ හැඳි 4ක් එක් කර ගෙන ලිපෙන් බාගන්න.

ඉන්පසු එම පානය පෙරා ගෙන එයට මී පැණි තේ හැඳි 2ක් එක් කර ගන්න .

ශරිර අභ්‍යන්තරවත් බාහිරවත් ඇති වන දීලිර බැක්ටීරියා සහ වෛරස් ආසාදන සඳහා ගුණදායක කහ, සම පැහැපත් කිරිමේ ගුණයෙනුත් අනූණයි

විටමින් සපිරි ආමන්ඩ් , E B ප්‍රභේද හා K වලින් වඩාත් පොහොසත් වන අතර එය යකඩ කැල්සියම් මැග්නීසියම්, මැන්ගනීස් කොපර් සින්ක් තන්තු ෆෝලේට් ප්‍රෝටීන් හා ප්‍රතිඔක්සිකාරක ගුණවලින්ද සන්නද්ධ වනවා.

චර්ම රෝග පාලනය කරන ආමන්ඩ් සමේ කුරුලෑ ලප කැළැල් , රැලි වැටීම්, රළු වීම් , වළකා සම පැහැපත්කර ලනවා වගේම හිරු රශ්මියෙන් ඇතිවන අවපැහැවීම් දුරලනවා

සම වියපත්වීම පමාකර දෙනවා. වැඩිහිටියන්ටද තරුණ පෙනුම ළඟාකර දෙන අතර ළදරු සමද සුසිනිඳුව තබමින් රැක දෙනවා .

ඒ නිසා එය බොහෝ ළදරු හා රූප ලාවණ්‍ය නිෂ්පාදන සඳහාත් යොදා ගනු ලබන්නක් .

නැවුම් කිරි තුළින් සමට හොඳ පෝෂණයක් ලැබෙනවා.

මෙය ශරීරයේ ප්‍රතිශක්තිකරණය ඉහළ දාන්න හරිම වැදගත් අමුද්‍රව්‍යයක් .

කුරුදු වල ඖෂධීය ගුණය වගේම ඉහල ප්‍රතිඔක්සිකාරක ගුණයකුත් අන්තර්ගත වෙලා තියෙනවා. ඒ අනුව සෞඛ්‍ය තත්වයට යහපත් වටිනා දෙයක් විදියට කුරුදු සලකන්න පුලුවන්

සමේ තෙතමනය ආරක්ෂා කිරීම,ලේ පිරිසිදු කිරීම , ප්‍රතිශක්තිය වර්ධනය කිරීම වගේම සමේ රෝග සඳහා ද ඉතාම ගුණදායකයි

මෙම පානය පළමු මාසයේ දවසක් හැර දවසක් හෝ දිනපතාමත් දෙවැනි මාසයේ සතියකට දින 4ක් සහ තෙවැනි මාසයේ සිට සතියකට එක් දිනක් මෙය පානය කළ යුතුයි.

ඒ අනුව මාස තුනේ සිට මෙය සතියකට වතාවක් බැගින් දිගටම පානය කිරීම වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබා දේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here