සම බ්ලීචින් කිරීමේ ස්වභාවික සත්කාර ගැන දැන ගනිමු.

0
10


පැහැපත් සමක් ලබා ගන්න කැමති සමහර යුවතියන් බ්ලීචින් අඩංගු ආලේපන භාවිතා කරන්න කාලයකට ඉහත දී හුරු වෙලා හිටියත් දැන් ඒ තත්ත්වය හරිම අඩුයි. බ්ලීචින් කිරීමකදී සමේ අඳුරු පැහැය ඉවත් වී සම පැහැපත් වෙනවා.ඒත් කෘත්‍රිම බ්ලීචින් වල හමට අහිතකර ද්‍රව්‍ය අඩංගු බව ඔබ දන්නවා. ඒ නිසාම බුද්ධිමත් ලෙස ඒවාගෙන් ඈත් වෙන්න ඔබ පරිස්සම් සහගතයි.

නමුත් හම පැහැපත් කර ගත හැකි ස්වභාවික සත්කාර ඕනෑ තරම් අපිට කරන්න පුලුවන්. මේ ලිපිය එවැනි ස්වභාවික සත්කාර ගැනයි.

මේ සත්කාර කරන්නට පෙර ස්වභාවික කෝමාරිකා යුෂ, පිපිඤ්ඤා යුෂ හෝ ලෙමන් යුෂ මුහුණේ ආලේප කර මිනිත්තු විස්සක් තබා සෝදා හරින්න.

තරමක් කූල් කර පොල් වතුර සහ මින්චි කොළ ද පීනට් කුඩු ද සමඟ මී පැණි මිශ්‍ර කර මුහුණේ ආලේප කරන්න.

නැවුම් කිරි ටිකක් සහ මී පැණි හැන්දක් මිශ්‍ර කර ගන්න.
පිරිසිදු පුලුන් භාවිතයෙන් මුහුණේ තවරා ගන්න.
මිනිත්තු විස්සකට පසු සෝදා හරින්න.
දිනපතාම මේ සත්කාරය සිදු කරන්න.

තක්කාලි හොඳින් බ්ලෙන්ඩ් කර ගන්න.
ඒ තලපයට අමු කහ යුෂ ස්වල්පයක් සහ නැවුම් කිරි මිශ්‍ර කරන්න
මිනිත්තු තිහක් මුහුණේ ආලේප කර තබා සෝදා හරින්න.
මෙය සතියකට තුන් වතාවක් සිදු කරන්න.

තක්කාලි වලට uv කිරණ වලින් ඔබේ සමට සිදු වූ හානිය වළක්වන හැකියාවක් ඇති නිසා මෙය වඩා ප්‍රතිඵලදායක සත්කාරයක්.

කඩල පිටි සහ රෝස වතුර මිශ්‍ර කර මුහුණේ ආලේප කරන්න.
මිනිත්තු විස්සකට පසු සෝදා හරින්න.

සුදු හඳුන් සහ මී පැණි එකට මිශ්‍රණයක් සකසන්න.
මුහුණේ ආලේප කර මිනිත්තු විස්සක් තබා සෝදා හරින්න.

දොඩම් ලෙලි වේලා හොඳින් කුඩු කර ගන්න.
මී පැණි සමඟ මිශ්‍ර කර ගන්න.
මුහුණේ ආලේප කර විනාඩි විස්සකට පසු සෝදා හරින්න.

කෙසෙල් ගෙඩියක් හොඳින් බ්ලෙන්ඩර් කර ගන්න.
එයට මී පැණි මිශ්‍ර කරන්න.
මුහුණේ ආලේප කර මිනිත්තු පහළොවකට පසු සෝදා හරින්න.

මේවා ඇස් වල තවරා ගන්න කලින් කෝමාරිකා හෝ පුලුන් කැබලි දෙකක් ඇස් වල තබන්න.
ඉවත් කිරීමෙදිත් දෑස් ගැන ප්‍රවේසම් වන්න.

අහිතකර වන්නේ කෘතිම බ්ලීචින්. ඒවායින් හමට අස්වාභාවික සුදක් ලැබෙනවා. ඒ හමේ මෙලනින් සම්පූර්ණයෙන්ම ඉවත් වන නිසා. ඒ නිසා හම වියළි වී වයස් ගත පෙනුමක් ද ලැබෙනවා.

ස්වභාවික දේවල් සමට අහිතකර නැහැ. ඒ නිසා ස්වභාවික ප්‍රතිකාර කරන්න ඔබ කිසිසේත් බිය විය යුතු නැහැ. නමුත් සමහරුන්ට කිරි, දොඩම් හෝ දෙහි ආදිය සමේ ආලේප කළ විට ආසාදන තත්ව හට ගන්න අවස්ථා තියෙනවා. එය ඉතා කලාතුරකින් සිදු වන්නක්. නමුත් ඕනෑම සත්කාරයක් මුලින් ම පටන් ගන්න කලින් එය ඔබේ හමට ගැලපෙනවා ද බලන්න කන් පෙත්ත පිටුපස ආලේප කර බලන්න. කැසීමක් හෝ ආසාදනයක් මතු වෙනවා නම් වෙනත් සත්කාරයක් තෝරා ගන්න.

අමතක නොකළම යුතු දෙයක් තිබෙනවා. අප සුදු වෙන්නට අවශ්‍ය නැහැ.ආසියාතික යුවතියන් ලෙස අපට යුරෝපීය සුදු හමක් ලැබෙන්නේ නැහැ. මේ හැම ප්‍රතිකාරයක් ම සුදු වෙන්නට නොව පැහැපත් වන්නට පමණයි.

ඔබ ඔබ ලෙසම පිළි ගන්න!



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here