සම පැහැපත් කරන වෙනිවැල්ගැට

0
13


පැහැපත් සුන්දර සමක් කියන්නේ අප කාගේත් සිහිනයක්. ඉතින් ස්වාභාවික අමුද්‍රව්‍ය භාවිතයෙන් ඉතාමත්ම අඩු මුදලකින් මේ සුන්දරත්වය අත් පත් කරගන්නට ඔබට කරන පුංචි මග පෙන්වීමක් මෙය …

වෙනිවැල්ගැට කුඩු තේ හැඳි එකකට යෝගට් තේ හැඳි බාගයක් සහ දෙහි යුෂ තේ හැන්දක් මිශ්‍ර කරන්න. විනාඩි දහයකට පමණ පසු මඳ උණුසුම් ජලයෙන් සෝදා හැර අයිස් ජලයෙන් මුහුණ තවන්න.

වෙනිවැල්ගැට පැක් එකක් සඳහා වෙනිවැල්ගැට කැබැල්ලක් ඇල් ජලයෙන් ගල ගා හෝ කුඩුකරගත් වෙනිවැල්ගැට දෙවරක් පමණ හලාගෙන භාවිතා කළ යුතුය. පැක් එකකදී වෙනිවැල්ගැට වඩාත් සුසුනිඳු වීම අනිවාර්ය වෙනවා. වෙනිවැල්ගැට කුඩු වලට මී පැණි එක්කරන්න. මුහුණේ සහ ගෙලෙහි ආලේප කිරීමට අවශ්‍ය තරමට වෙනිවැල්ගැට කුඩු කරගන්න. ඊට සම ප්‍රමාණයක් මී පැණි ගන්න. මේ දෙවර්ගය හොඳින් මිශ්‍ර කර ගෙලෙහි සහ මුහුණෙහි ආලේප කර විනාඩි විස්සක් පමණ සිටින්න. මඳ උණුසුම් ජලයෙන් සෝදා හරින්න.

වෙනිවැල්ගැට සහ අමුකහ එකට ගෙන අඹරා කුරුලෑ මත ආලේප කරන්න. ඇත්තෝර කොළ, අමුකහ, සහ නිවැල්ගැට කුඩු එකට අඹරා සනීප නොවන කැසීම, දද, සහ ලප කැළැල් වල තවරා පැය බාගයක් පමණ සිටින්න. සාමාන්‍ය ජලයෙන් සෝදන්න.

වෙනිවැල් කුඩු සහ දෙහි යුෂ සම ප්‍රමාණ වලින් ගෙන නෑමට පෙර හිස ගැල්වීම ඉස්හොරි වලට හොඳම ප්‍රතිකාරයක්.

– ඉරේෂා –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here