සම පැහැපත් කරන කස කසා ඇට ෆේස් ජෙල්

0
11


ලස්සන පිවිතුරු සමක් හිමි කර ගැනීම කාන්තාවන් බොහෝ විට උත්සහා කරන කාරණාවක්.ඒ නිසාම අද අපි ඔබට කියලා දෙන්න යන්නේ ඔබේ  සම පැහැපත් කරන ෆේස් ජෙල් එකක් පිළිබඳවයි.ඒ විශ්මිත ගුණ ලබා දෙන කස කසා ඇටවලින් සකසා ගන්නා ෆේස් ජෙල් එකක් පිළිබඳවයි.

කස කසා ඇට පානයක් වශයෙන් ද ඉතා ගුණදායි දෙයක් වන අතර කස කසා 100g කින් ඔබට ලබා ගත හැකි පෝෂණ ගුණ බොහොමයක් තිබෙනවා.ඒවා නම් ,

• ශක්තිය කිලෝ කැලරි 525

• කාබෝහයිඩ්රේට් ග්‍රෑම් 28.13

• ප්‍රෝටීන් ග්‍රෑම් 17.99

• මේදය ග්‍රෑම් 41.56

• තන්තු19.5

• ෆෝලේට් මයිකෝ ග්‍රෑම් 82

• නියසීන් මිලිග්‍රෑම් 89

කස කසා ඇට පැය දෙකක් පමණ වතුරේ දමා  පෙඟෙන්න තබන්න.

මෙහිදී මේස හැඳි තුනක  පමණ කස කසා ඇට වතුර කෝප්ප එකකට පමණ ප්‍රමාණවත්.

පසුව  කසා කසා ඇට වතුර බේරා ඉවත් කර ගෙන පෙඟෙන්න තිබූ වතුර ටික පෙරාගෙන උණු කරගන්න.

ඉන්පසු එම උණු කරගත් කස කසා වතුර එක නිවෙන්න තබා එයට කෝමාරිකා ජෙල්  මේස  හැඳි  දෙකක් පමණ එකතු කරගෙන පෙර  අප  පොඟවාගත් කසා කසා ඇට ටික මෙයට එකතු කරන්න.

ඉන්පසු  එයට fresh milk එකතු කරන්න.

මේ සියල්ලම එකතු කරගත් පසු ජෙල් එක සකසා ගන්න පුළුවන්.

ශීතකරණයේ තබාගෙන සතියක් පමණ මෙය  පාවිච්චි කරන්න පුලුවන් .

සමේ පවතින  ආසාදන සඳහාද මෙය ඉතා සුදුසුයි

මෙම කස කසා ජෙල් එක උදෑසන හෝ රාත්‍රි කාලයේ භාවිතා කිරීම වඩාත් සුදුසුයි

 වඩාත් හොද ප්‍රථිපල සදහා දිනපතා භාවිත කළ යුතුය.

මේ face gel එක භාවිතා කර ඔබත් සුන්දර සමක හිමිකාරිණියක් වන්න.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here