දිනෙන් දින අලුත් වෙන රූපලාවන්‍ය ප්‍රවණතා අපිට දකින්න ලැබෙනවනෙ.
මේ නිෂ්පාදන අතරිනුත් අපේ මුහුණේ සම ගැන විශේෂ අවධානයක් යොමු කරන face wash, face scrub, face mask සහ face toner වගේ නිෂ්පාදන මුල්තැනක් හිමිකරගෙන තියෙනව.
අද අපි කතා කරන්නෙ අපේ රටේ තරුණියන් අතර වගේම තරුණයන් අතරත් එක විදිහටම ජනප්‍රිය වෙමින් පවතින මේ වගේම තවත් එක නිෂ්පාදනයක් වන face sheet mask ගැනයි.
ජපන් සහ කොරියන් රූපලාවන්‍ය නිෂ්පාදකයන් තමයි face mask sheet මුල්වරට ලොවට හඳුන්වා දෙන්නෙ.
කඩදාසි, ජෙල් හෝ ෆයිබර් වලින් මුහුණේ හැඩයට තමයි මේ mask වෙළඳපොලට පැමිණෙන්නෙ. ඇස්, නහය සහ කට පිටතට නිරාවරණය වෙන්න face sheet masks වල සිදුරු නිර්මාණය කරල තියෙනව.
Face sheet mask වල සීරම් (serum) ආකාරයට විවිධ පෝෂක වර්ග පොඟවල තියෙනව. ඒ නිසා මේ mask බොහෝවිට තෙත ස්වභාවයක් ගන්න බව ඔබට දැනෙන්න පුළුවන්.
ඒ වගේම ඝනකම් සහ තුනී face sheet masks ආකාරත් දකින්න ලැබෙනව.
සමහර face sheet mask වෙළඳපොලේ දකින්න ලැබෙන්නෙම මුහුණේ හැඩයටම වන අතර සමහර face sheet mask වතුර භාජනයක දමා දිගහැර ගන්න අවශ්‍යයි.
හයලුරොනික් ඇසිඩ්, සෙරමයිඩ්, විටමින් සහ ඇන්ටිඔක්සිඩන්ට් වගේ මුහුණේ සම ලස්සන කරන්න උපකාරී වෙන විවිධ සංයෝග ද්‍රව ආකාරයට තමයි face sheet mask වල අන්තර්ගත කරල තියන්නෙ.
මේ සංයෝග සමට උරාගැනීම පහසු කරන්න වගේම ඉක්මණින් වාෂ්ප ආකාරයට පත්වෙලා සමෙන් ඉවත් නොවී වැඩි වේලාවක් සම මත තබාගන්නත් face sheet mask උපකාරී වෙනව. පිටතින් පැමිණෙන කුණු, දුහුවිලි පෝෂණ සංයෝග මතට එක්වීම ආවරණය කිරීමත් තවත් එක් ප්‍රතිලාභයක් විදිහට හඳුන්වාදෙන්න පුළුවන්.
සමේ තෙතමනය ආරක්ෂා කර මුහුණ මෘදුව සහ නැවුම්ව පවත්වා ගන්න,
මුහුණේ සම කැසීමට, පොතු ගැලවීමට හෝ කැසීමට ලක් නොවීම,
සමේ ඇති කුණු දුහුවිලි ඉවත් කිරීමට සහ
සමේ ඇති අඳුරු සළකුණු ඉවත් කර සමට දීප්තිමත් පෙනුමක් ලබා දෙන්නත් ඔබේ සමට ගැළපෙන ලෙස තෝරගන්න නිවැරදි face sheet mask වලට හැකියාව තියෙනවා.
හැකි නම් දිනකට එක්වරක් එහෙමත් නැත්නම් අවම වශයෙන් සතියකට තුන්වරක් ඔබේ මුහුණට face sheet mask යෙදීම වඩා හොඳ ප්‍රතිඵල ඔබට ලබා දෙනවා.
දවසේ ඕනෑම වේලාවක යොදන්න පුළුවන් වුනත් රාත්‍රියේදී නින්දට යාමට පෙර face sheet mask භාවිතා කිරීම වඩා සුදුසු බව අපි ඔබට මතක් කරන්න කැමතියි.
මොකද මුළු රාත්‍රිය පුරාම එහි අඩංගු පෝෂක ඔබේ මුහුණේ පවතින නිසා සමට එම පෝෂක උරා ගැනීම වඩා හොඳින් සිදුවන නිසයි.
Face sheet mask (ෆේස් ශීට් මාස්ක්) නිවැරදිව මුහුණට යොදන්නෙ කොහොමද?
මුලින්ම ඔබේ මුහුණ හොඳින් පිරිසිදු කරගන්න.
මේ සඳහා ඔබ එදිනෙදා භාවිතා කරන face wash (ෆේස් වොෂ්) හෝ face cleanser (ෆේස් ක්ලෙන්සර්) යොදාගන්න පුළුවන්.
මුහුණ හොඳින් පිරිසිදු කර ගැනීම නම් අත්‍යාවශ්‍යයි. මොකද කුණු, දුහුවිලි රැඳුනු මුහුණක් මත face sheet mask යෙදීමෙන් අපට අවශ්‍ය ප්‍රතිඵල ලැබෙන්නෙ නැති නිසයි.
ඉන්පසු මෘදු රෙදි කැබැල්ලකින් හොඳින් තෙත මාත්තු කරමින් මුහුණේ ඇති ජලය ඉවත් කරගන්න ඕන.
දැන් ඔබේ දෑත් හොඳින් පිරිසිදු කරගෙන පැකැට්ටුව කඩා එහි ඇති face sheet mask ඉවතට ගෙන ප්‍රවේශමෙන් දිඟ හැර ගන්න ඕන.
Face sheet masks අඩංගු පැකට් ශීතකරණයේ තැබීම වඩා යෝග්‍ය වන්නෙ එහි ඇති තෙතමනය හොඳින් ආරක්ෂා වෙන නිසයි.
දැන් ඔබේ නහය කට සහ ඇස් වලට අදාල සිදුරු නිසි පරිදි තබා රැළි ඇති නොවෙන විදිහට බොහොම ප්‍රවේශමෙන් ඔබේ මුහුණට face sheet mask යොදන්න ඕන.
දැන් විනාඩි 20 ක් හෝ විනාඩි 30 ක් පමණ බලා හිඳින්නයි ඕන. මේ වෙලාව වැඩිය එහෙමෙහෙ නොයා විවේකීව ගත කරනව නම් තමයි වැඩිය හොඳ.
මොකද?
ඔබ එහෙමෙහ යද්දි ඔබට නොදැනීම ඔබේ sheet mask එක ගැලවී එහා මෙහා වෙන්න පුළුවන් නිසයි.
පැකැට්ටුවේ රැඳී ඇති serum ඉවත නොදමා ඔබේ බෙල්ලෙ සහ අත්වල ආලේප කරගන්න.
දැන් හෙමීට ඔබේ face sheet mask එක ඉවත් කිරීම සිදුකරන්න ඕන.
Saru FM Media