බොහෝ කාන්තාවන් සමේ දීප්තිමත් බව වැඩි කර ගන්න වගේම පැහැපත් කර ගන්නත් නොයෙක් රූපලාවණ්‍ය සත්කාර කරනවා. නමුත් අපි අද කියන්නේ ඔබේ මුලු ශරීරයේම සමේ වර්ණය ඉතා පහසුවෙන් එකම විදියට පැහැපත් කරගන්න පුලුවන් ක්‍රමයක් ගැනයි.
මෙහිදී ඔබට අනවශ්‍ය අධික වියදමක් වැය නොවීමත්,කිසිම අතුරු ආබාධයකින් තොරව පැහැපත් වෙන්න පුලුවන් වීමත් අමතර වාසියක්.
ඉතින් මොකක්ද මේ ක්‍රමය.ඇත්තටම නිසි විදියට නිසි ප්‍රමාණයෙන් සිරුරට විටමින් C ලබා ගැනීම තමයි මේ සරල සත්කාරය. ඔබ දන්නවද? විටමින් සී කියන්නේ අපේ සිරුරේ පැහැපත් බව වැඩිකරන සිරුරට අත්‍යවශ්‍ය විටමින් වර්ගයක්.
විටමින් සී භාවිතා කරලා මුලු ශරීරයම එකම පැහැයකට ගන්න විතරක් නෙමෙයි, අපට තවත් ප්‍රයෝජන රැසක් විටමින් සී වලින් ලබාගන්නත්
පුලුවන්.ඒ මොනවද කියලා දැන් බලමු.
විටමින් සී අපේ ශරීරයට අත්‍යවශ්‍යයම විටමින් එකක් උනත් එය අපේ ශරීයයෙන්ම නිපදවෙන්නෙ නෑ.ඒ නිසා එය අපි ආහාර මඟින් හෝ පෝශණ අතිරේකයක් මඟින් ශරීරයට ලබා දිය යුතුයි.
Smartlady හැම වෙලේම ඔබට අනුබල දෙන්නෙ ස්වභාවික ක්‍රම මගින්ම අත්‍යාවශ්‍ය විටමින් වර්ග හා පෝෂණ සංඝටක සිරුරට එක් කර ගන්න නිසා අපි බලමු පළමුවෙන්ම බලමු විටමින් C ස්වභාවිකව සිරුරට එක් කර ගන්නෙ කොහොමද කියල
පලතුරු හා එලවලු මගින්
විටමින් C අපිට ලබා ගත හැකි පලතුරු
දෙහි කුලයට අයත් දෙහි ,දොඩම් සහ ලෙමන් වැනි ඇඹුල් සහිත පලතුරු ,ඊට අමතරව ස්ට්‍රෝබෙරි , අන්නාසි සහ කිවි වැනි පලතුරු වලිනුත් අපිට අපේ ශරීරයට විටමින් සී ලේසියෙන්ම එකතු කරගන්න පුලුවන් .
එළවලු
බෙල් පෙපර්, නිවිති සහ බ්‍රොකලි වැනි එළවලු වල විටමින් සී බහුල බැවින් ඒවා මඟින් ඔබට ඔබේ ශරීරයට විටමින් සී ලබාගන්න පුලුවන් .
මේ පළතුරු දිනපතා ආහාරයක් ලෙස සිරුරට එක් කර ගැනීම තුලින් අදාල විටමින් වර්ග සිරුරට ලබා ගන්න පුලුවන් , එහිදී යුශ වර්ග ලෙස සකස් කර නොගෙන හැකිතාක් පලතුරු හා එලවලු ලෙසම ආහාරයට ගැනීම තුලින් අදාල විටමින් වර්ග වලට හානිනොවන බවක් පැවසෙනව. එමෙ
පෝශණ අතිරේකයක් ලෙස විටමින් සී ලබාගැනීම තුලින්
ස්වභාවික ක්‍රම වලට අමතරව සිරුරට බාහිරින් එක් කර ගන්නා පෝෂණ අතිරේකයක් ලෙස විටමින් C ඔබට සිරුරට එක් කර ගන්නත් පුලුවන් .
ඒ සඳහා විවිධ වෙළඳ නාම යටතේ විටමින් සී වර්ග දැන් වෙළෙඳපොළෙන් මිලදී ගන්නට තිබෙනවා.වෛද්‍යවරයෙකුගේ අනුමැතිය අනුව ඔබට ඒවා ලබාගන්න පුලුවන් .
සාමාන්‍යයෙන් කාන්තාවකට දෛනිකව විටමින් සී මිලිග්‍රෑම් 75 කුත් ,පුරුශයෙකුට විටමින් සී මිලිග්‍රෑම් 90 කුත් අවශ්‍ය වන නමුත් පෝශණ අතිරේකයක් හැටියට විටමින් සී මිලිග්‍රෑම් 2000 දක්වා ප්‍රමාණයක් කිසිම අතුරු ආබාධයකින් තොරව ඔබට ලබාගන්න පුලුවන්.
විටමින් සී යනු ඔබේ ශරීරයට ප්‍රයෝජන රැසක් ලබා ගත හැකි විටමින් එකක් බව දැන් ඔබ දන්නවා. ස්වභාවික ලෙසත් පෝශණ අතිරේකයක් ලෙසත් මෙම විටමින් සී භාවිත කර කිසිම අතුරු ආබාධයකින් තොරව ලස්සන වෙන්න වගේම ඔබේ තරුණ පෙනුම රැකගන්නත් ඔබට දැන් හැකියාව තියනවා.
Saru FM Media