සමාජ මාධ්‍ය නියාමනය ගැන නලින්ද දුන් ඉඟිය

0
7

‍සියලුම ක්ෂේත්‍ර ආවරණය වන පරිදි ජනතාව පීඩාවට පත් වන ආකාරයේ සමාජ මාධ්‍ය තුළ සිදු වන ප්‍රචාරණය නියාමනය කිරීමට සුදුසු නීති සම්පාදනය කළ යුතු බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි. 

ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (22) පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමිනි. 

ආයුර්වේද නිෂ්පාදන සහ යම් ප්‍රතිකාර ක්‍රම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ සිදු කරන ප්‍රචාරණය නියාමනය කිරීම පවතින නීතිය යටතේ සිදු කළ හැකි බව ද අමාත්‍යවරයා පෙන්වා දෙයි. 

කෙසේ වෙතත් ජනතාව පීඩාවට පත්ව සියලුම ක්ෂේත්‍ර ආවරණය වන පරිදි සමාජ මාධ්‍ය නියාමනය සඳහා අවශ්‍ය කරන නීතියක් රට තුළ නොමැති බවත්, ඒවා සම්පාදනය කිරීමෙන් මෙවැනි තත්ත්වය පාලනය කළ හැකි බවත් නලින්ද ජයතිස්ස වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here