සිරි දළඳා දැක්මට සහභාගී වන දහස් ගණනක් ජනතාව පිටත සිටියදී, දළඳා දැක්ම ආරම්භ වන මොහොතේදී විශේෂ පෝළිමකින් දිනකට දෙදහසකට වැඩි පිරිසක් දළඳා වන්දනාවට සහභාගී කර ඇති බවට සමාජ මාධ්‍ය වාර්තා කොට ඇත.Sri Lanka Latest News
මෙය වත්මන් රජයේ මැදිහත්වීමෙන් සිදු කරන්නක් නොවන බවත්, මාලිගාවේ ඉහළ ගිහි පිරිසකගේ මැදිහත්වීමෙන් සිදු කරන්නක් බවත් වාර්තා කොට තිබේ.
අප්‍රේල් 18 වැනිදා දළඳා වන්දනාව ආරම්භ වූ දිනයේ ජනාධිපතිවරයා දහවල් 12.30ට නිල වශයෙන් දළඳා දැක්ම ආරම්භ කරන අවස්ථාවට සහභාගී වූ අතර, ජනාධිපතිවරයාගේ දැනුවත්වීමකින් තොරව ඒ අතරවාරයේ විශාල පිරිසක් පෝළිම්වලට සකස් කොට ඇත. දහවල් 3.30ට නිල දළඳා දැක්ම ආරම්භ වීමට පෙර ඔවුන්ට දළඳා වන්දනාවට අවස්ථාව ලබා දී ඇත. එදිනෙන් පසු සෑම දිනකම දහවල් 12.30ට නිල දැක්ම ආරම්භ වීමට පෙර පෝලිම් සකසා විශේෂිත පුද්ගලයන්ට දළඳා වන්දනාවට අවස්ථාව ලබා දී තිබේ.
වාර්තාවන ආකාරයට මෙලෙස පැමිණෙන පුද්ගලයන් අතර රාජ්‍ය නිලධාරීන්, හමුදා සහ පොලිස් නිලධාරීන්, දේශපාලනඥයන් සහ වෙනත් බලවත් පුද්ගලයන් සිටී. එවැනි පුද්ගලයන්ගේ ඥාතීන් සහ පවුල්වල සාමාජිකයන්ද සිටී.
Saru FM Media