සමාජ මාධ්‍යයේ පැතිර යන පොලිස් වීඩියෝව ගැන පොලිසියෙන් පැහැදිලි කිරීමක්

0
9


නිල ඇඳුමෙන් සිටින පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ රාජකාරී කටයුතුවලට බාධා කරන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.

මෙම සිදුවීම පසුගිය මාර්තු මස 21 වන දින නිලාවේලි ප්‍රාදේශයේ සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී. මනතුංග පැවසුවේ.

මෙම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

මෙම සිද්ධියට පුද්ගලයින් 10 දෙනෙකු පමණ සම්බන්ධ වී ඇති බවත්, අනෙකුත් සැකකරුවන් ප්‍රදේශය හැර පලාගොස් ඇති බවත්, ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට විමර්ශන අරඹා ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.

රථවාහන වරදක් සිදුකළ පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ දී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට මෙම පිරිස බාධා එල්ලකර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here