සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද්ට එල්ල වූ වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ ඔහු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී ඊයේ (22) රාත්‍රී 09.10ට පමණ නාඳුනන තුවක්කුකරුවන් විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයෙන් මොහු ජීවිතක්ෂයට පත් වූ බවයි.
මෙම වෙඩි තැබීම වැල්ලම්පිටිය – ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ උඩු මහලක දී සිදු වුණා.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් යොදා ගනිමින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.
කෙසේවෙතත් පසුව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පසුව සඳහන් කළේ වෙඩි වැදුණු ඩෑන් ප්‍රියසාද්, මියගොස් නොමැති බව සහ අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි.
අනතුරුව අද උදෑසන පොලිස් මාධ්‍ය කොට්ඨාස විසින් තහවුරු කර තිබුණේ වෙඩි වැදී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ඩෑන් ප්‍රියසාද් මියගොස් ඇති බවයි.
වෙඩි ප්‍රහාර දෙකක් ඩෑන් ප්‍රියසාද්ගේ උරහිස ප්‍රදේශයට සහ තවත් වෙඩි ප්‍රහාර දෙකක් ඔහුගේ පපුව ප්‍රදේශයට එල්ල වී තිබූ බව පැවසෙනවා.
සිද්ධියෙන් තවත් පුද්ගලයෙකු සුළු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
Saru FM Media