සමාජවාදය? ධනවාදයද? සමාජ ප්‍රජාතන්ත්‍රවාදයද? ලුම්පන් ධනවාදයද? නෑ..ඒ එකක්වත් නෙමෙයි! ආණ්ඩුවේ එකම වාදය පචවාදයයි.. මුසාවාදයයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

0
9


දේශපාලන ක්ෂේත්‍රයේ විවිධ න්‍යායන් ඇති බවත් ධනවාදය, සමාජවාදය, සමාජ ප්‍රජාතන්ත්‍රවාදය, ලුම්පන් ධනවාදය වැනි න්‍යායන් අතරින් මේ රජය ක්‍රියාත්මක කරන්නේ මුසාවාදය හා පචවාදය බවත් මොවුන් ටොම් පච කියන්න දක්ෂ බවත් බොරුවෙන් රැවටිල්ලෙන් මුසාවෙන් මුලාවෙන් ජනතාව අන්දවා බොරුවෙන් රජවීම දේශපාලන අරමුණ කර ගත් ජනතා විමුක්ති පෙරමුණ පාලනයට තිත තැබිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

අද වන විට ජිවන මාර්ග කඩා වැටී ජීවනෝපාය කඩා වැටී එදිනෙදා වෙල් 3 පිරිමහ ගන්නට නොහැකි බවත් දරුවන්ට අවශ්‍ය ආහාර හා ආහාර නොවන අවශ්‍යතා සපුරා ගත නොහැකිව ජීවන මට්ටම පහළ වැටී බඩු මිල ඉහළ ගොස් ඇති බවත් රටේ ජනතාවට අවශ්‍ය ලුණු ටිකවත් සපුරා ගත නොහැකි බවත් පාසල් උපකරණවලට අත්‍යාවශ්‍ය ආහාරවලට ගසා ඇති වැට් බදු පවා ඉවත් නොකර ඇති බවත් ඉවත් කරනවා යැයි කියපු හැම බද්දක්ම අඛණ්ඩව ක්‍රියාත්මක නිසා රටේ ජනතාව අධික බදු බරින් නිදහස් නොවී බදු උගුල මර උගුලකට හසුවී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් කුරුණැගල දිස්ත්‍රික්කයේ යාපහුව ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමිනි.

බොරුවෙන් මුසාවෙන් රටත් ජනතාවත් මුලා කරලා

ජනාධිපතිවරණයේ සහ මහමැතිවරණයේ දී බොරු පොරොන්දු මාලා රැසක් ජනතාවට ඉදිරිපත් කර බොරුවෙන් මුසාවෙන් මුලාවෙන් බලයට පත් වූ ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුව අද රටත් ජනතාවත් අසරණ කර ඇති බවත් 33%කින් විදුලි බලය අඩු කරනවා කිව්වත් බලය ලැබුණු පසු මාස 6කට විදුලිය අඩු කළ නොහැකි බවට ප්‍රකාශ නිකුත් කළ අවස්ථාවේ ජනතාව මහජන උපයෝගීතා කොමිසමට පැමිණිලි කිරීමට නිසා මහජන උපයෝගීතා කොමිසම විසින් 20%කින් විදුලි බිල අඩු කරන්න යෝජනා කළ නිසා රජයට විදුලි බිල අඩු කරන්න සිදු වූ බවත් ඉදිරි 13% කවද්ද අඩු කරන්නේ කියා දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තෙල් මිල සම්බන්ධයෙන් ද පැවසූයේ එවැනි කතාවක් බවත් බදු, දූෂණ හා වංචා, කොමිස් මුදල් ආදිය නිසා තෙල් මිල වැඩි බවත් මේවා ඉවත් කිරීම හරහා තෙල් මිල අඩු කළ හැකි යැයි පැවසුවත් තවමත් තෙල් මිල වැඩි බවත් අද වන විට ගොවියාට, ධීවරයාට, ව්‍යවසායකයාට ඉන්ධන සහනාධාරය පවා නොලැබෙන බවත් මිල සූත්‍රය පවා අහෝසි කරනවා කිව්වත් එය ද නොවූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ පච දේශපාලනයට තිත තබමු

35000ක් උපාධිධාරින්ට රැකියා දීම, පොහොර සහනාධාර දෙනවා කිව්වත් අද වන විට ගුණාත්මකභාවයෙන් ඉහළ පොහොර ටිකවත් දී ගත නොහැකි බවත් වන අලි මිනිස් ගැටුම ගංවතුර නිසා සිදුවන හානිවලට වන්දි ලබා දෙන ක්‍රමවත් වැඩපිළිවෙළක් නොමැති බවත් එබැවින් මේ පච හා බොරු දේශපාලනයට නැවතීමේ ලකුණ තැබිය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

ආණ්ඩුවේ පච රැල්ල දැන් අලුත් පචවලින් පිරිලා

බොරු වාදයේ මුසාවාදයේ නැවුම් ගමනක් රජය ක්‍රියාත්මක කරන බවත් ජනතාව පරණ පච රැල්ල ගැන දැනුවත් වුවත් මේ අය පරණ පොරොන්දු අද අලුත් පච බවට පත් කර ඇති බවත් බොරුවෙන් ජයග්‍රහණය කරන්න අධිෂ්ඨානය කරන ජනතා විමුක්ති පෙරමුණ මේ වන විට අනෙකුත් භෝගවගාවලට ආධාර දෙනවා කිව්වත් ඒවා අයවැයේ නොමැති බවත් අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කර නොමැති බවත් පොහොසත් රටක් ලස්සන ජිවිතයක් කියා පච ලැයිස්තුවක් ඉදිරිපත් කර ජනතාව ඉදිරියේ බොරුවක් වන විට පොහොසත් රට ලස්සන ජිවිතය කෙසේ වෙතත් නව පච බොරු ලැයිස්තුවක් නම් ඉදිරිපත් කර ඇති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here