පොහොර සමාගම් සතු පොහොර තොගවලින් 68%ක් රජය වෙත ලබාදීමට එකඟ වී ඇතැයි කෘෂිකර්ම හා පශුසම්පත් නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න පවසයි.
ඒ අනුව, අදාළ පෞද්ගලික සමාගම් සතු යූරියා පොහොර මිටියක් රුපියල් 9,500කටද, රජයේ පොහොර සමාගම සතු යූරියා පොහොර මිටියක් රුපියල් 9,200කටද අලෙවි කිරීමට නියමිතය.
පොහොර සහනාධාරය ලෙස ගොවීන්ට හෙක්ටයාර 2ක් සඳහා රුපියල් පනස්දාහක (රු. 50,000) මුදලක් ලබා දෙන අතර, වී වගා කරන ඉඩම්වල අතුරු භෝග වගා කරන ගොවීන්ටද හෙක්ටයාර 2ක් සඳහා රුපියල් 3,000 බැගින් ලබා දීමට පියවර ගන්නා බව නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න වැඩිදුරටත් සඳහන් කරයි.
1
Saru News
















