එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශයට අනුව සෞඛ්‍ය යනු මානව අයිතිවාසිකමක් බැවින් සෑම පුද්ගලයකුටම මූල්‍ය දුෂ්කරතාවලින් තොරව ඔවුන්ට අවශ්‍ය ගුණාත්මක සෞඛ්‍ය සේවාවන් ඕනෑම තැනකදී ලබා ගැනීමට හැකියාවක් තිබිය යුතු බව වත්මන් රජයේ ‘පොහොසත් රටක් ලස්සන ජිවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ද සදහන් බවත් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ඵලදායි ලෙස විනිවිදභාවයෙන් යුතුව අරමුදල් භාවිතය සහ සෞඛ්‍ය සේවාවේ දූෂණ තුරන් කිරීම ගැන ද ඇතුළත් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
රජය G2G (Government to Government) ක්‍රමවේදය යටතේ ඖෂධ ආනයනය සදහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇත් නම් එලෙස ගිවිසුම් ගත වීමට අදහස් කරන රටවල් ඉදිරිපත් කරන ලෙසත් එලෙස ගෙන්වීමට නියමිත ඖෂධ මෙන්ම සම්මත තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදයක් තිබියදී GtoG ගිවිසුම හරහා ඖෂධ ආනයනය කරන අරමුණ දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ඖෂධ නියාමන අධිකාරි පනත හා මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් ඖෂධ ආනයනයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත්ව ඇති බවට වාර්තා වන බවත් දැනටමත් ඖෂධ 313ක් හිග බවට මෙම පත්‍රිකාවේ ඇති බවත් ඖෂධ 111කට සැපයුම්කරුවන් නැති බවත් මෙහි සදහන් බවට වාර්තා වෙන බැවින් මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා නිශ්චිත පිළිතුරක් ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ දී ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න කරමිනි.
මෙරට ජාතික ඖෂධ හිගයක් ඇති වීමේ අවදානම ගැන රජයේ තක්සේරුව මෙන්ම රෝහල්වල හිග ඖෂධ ලැයිස්තුව ඉදිරිපත් කරන ලෙසත් එලෙස හිග ඖෂධ දේශීයව නිෂ්පාදනය කළ හැකි ද කියා රජය විසින් පූර්ණ අධ්‍යයනයක් කර ඇත් ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ටෙන්ඩර් ක්‍රමයෙන් බැහැරව ඖෂධ ගෙන්වන්නේද?
ටෙන්ඩර් ක්‍රමවේදයෙන් බැහැරව විවිධ කණ්ඩායම් එකට එකතු වී ඖෂධ හිගයක් ඇති බවට වන පදනම මත රෝහල් අධ්‍යක්ෂකවරුන් හරහා වැඩි මිලට ඖෂධ ලබා ගැනීමේ වැඩපිළිවෙළක් ඇති බවත් මෙය වළක්වා ගැනීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග දක්වන ලෙසත් GtoG ක්‍රමවේදය යටතේ ඖෂධ ආනයනයට පෙර ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලයෙන් හා අනෙකුත් පාර්ශ්වයෙන්ගෙන් අදහස් විමසා ඇත් ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
පසුගිය කාලයේ බාල බෙහෙත් නිසා බොහෝ පුද්ගලයන් අන්ධ වූ බවත් මේ බාල ඖෂධ ගෙන්වන කණ්ඩායම්වලින් වන්දි ගන්න නොහැකි වූ බවත් එම නිසා GtoG ක්‍රමවේදය යටතේ ඖෂධ ආනයනය කිරීමේ දී වගවීම හා වගකීම යන්නේ කෙලෙසද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
තෝරා ගත් රෝහල්වලට නවතම තාක්ෂණයෙන් යුත් ඉලෙක්ට්‍රා ඉන්ෆිනිටි HD පිළිකා විකිරණ යන්ත්‍ර මිලදී ගැනීමට ප්‍රතිපාදන වෙන්කර ඇතිමුත් එම යන්ත්‍ර මෙතෙක් මිලදි ගෙන නොමැති බවට වාර්තා වෙන බවත් මෙම යන්ත්‍ර ඉතා වැදගත් බැවින් එම යන්ත්‍ර මිලදී ගැනිමට ප්‍රමාද වීමට හේතු දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එසේම කොළඹ මහරෝහලේ MRI සහ CT ස්කෑනින් ප්‍රමාණාත්මකව අඩු කර ඇති බැවින් මෙම කරුණ සම්බන්ධයෙන් ද අවධානය යොමු කරන ලෙසත් කළුතර රෝහලට CT ස්කෑනර් එකක් ඉල්ලා ඇති මුත් එය පෙබරවාරි 14 සිට වරායේ ඇති බවත් එම නිසා මෙම යන්ත්‍රය මුදා ගෙන රෝහලට ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියේය.
Saru FM Media