ජීවිතේ ඔබ වැඩිපුරම බය මොනවටද කියල ප්‍රශ්නයක් ඇහුවොත් ඔබේ උත්තරේ මොකක් වෙයිද?
සාමාන්‍යයෙන් මරණයට, උස් ස්ථාන වලට, කරුවලට, කැරපොත්තන්ට සහ සර්පයන්ට වගේ අපි නිතර දෙවේලේ අහල පුරුදු බයවල් තියෙනවනේ.
අපි බය වුණත් මේ දේවල් වලට මුහුණ දෙන්න වෙන අවස්ථාවල් වලදී ඒව සමඟ ගණුදෙනු කරල එදිනෙදා ජීවිතය ගත කරන්න අපිට සිද්ධ වෙනවා.
නමුත්, මේ සාමාන්‍ය අකමැත්ත සහ බියෙන් එහා ගිය තත්වයක් තමයි ෆෝබියා කියල හඳුන්වන්නෙ. මේ තත්වය ඇති පුද්ගලයන්ට කිසිසේත්ම ඔවුන් බිය උපදවා ගන්නා දේවල් සමඟ ගණුදෙනු කිරීමේ හැකියාවක් නැහැ.
ඒ වගේම මේ තත්වය එදිනෙදා ජීවිතය සාමාන්‍ය පරිදි ගත කිරීමට ඔවුන්ට බාධා පමුණුවනවා.
අද අපි කතා කරන්න යන්නෙ අපි හිතන්නෙවත් නැති දේවල් ගැන සමහර පුද්ගලයන් අතර පවතින ෆෝබියා තත්වයන් කීපයක් ගැනයි.
ඉතිං බලන්නකෝ, මේ දේවල් වලටත් බය වෙනවද කියල ඔබට පුදුම හිතේවි.
මන් ඔබෙන් ප්‍රශ්නයක් ඇහුවොත් ඔබ ඉස්කෝලෙ යන කාලෙදී ගණිතය විෂයට කැමැත්තෙන් හිටියද කියල ඔබේ උත්තරේ මොකක් වෙයිද?
ගණිතය සමහරුන්ගෙ කැමතිම විෂය වෙන්න වගේම අකමැතිම විෂය වෙන්නත් පුළුවන්. ඒ කොහොම වුනත් අපි ගණන් හැදුවනෙ නේද?
හැබැයි arithmophobia ව ඇති අයට නම් එහෙම බෑ. මොකද මේ ෆෝබියාව ඇති පුද්ගලයන් ඉලක්කම් වලට අතිශය භයක් දක්වනවා.
ඉලක්කම් සමඟ ගණුදෙණු කරන්න වගේම ඉලක්කම් සහිත පුවරු සහ සංකේත දෙස බැලීමට පවා ඔවුන්ට හැකියාවක් නැහැ.
ඔබේ මුදල් පසුම්බිය පිරිල තියෙනව නම් එහෙමත් නැත්නම් බැංකු ගිණුමේ ලොකු මුදලක් තියෙනව නම් කවුද අකමැති නේද?
අපිට අවශ්‍ය හැමදේම ගන්න අපේ අතේ ඇතිතරම් මුදල් ලැබෙන දවසක් එනකම් අපි හීන දකිනවනෙ.
හැබැයි plutophobia ඇති අය නම් එහෙම නැහැ. ඔවුන් මුදල් වලට අතිශයින්ම භයක් දක්වනවා.
මේ බිය කොතරම් දුරදිග යනවද කියනව නම් වැඩිපුර මුදලක් අතට ලැබෙන රැකියාවක්, දිනුමක් හෝ වෙනත් අවස්ථාවක් ලබාගන්නවත් ඔවුන් කැමැත්තක් දක්වන්නෙ නැහැ.
මුදල් සමඟ ගණුදෙනු කරන්න, නෝට්ටු කීපයක් තමන් ලඟ තියාගන්න හෝ හදිසි අවස්ථාවකදී ප්‍රයෝජනයට ගන්න පොඩි මුදලක්වත් එකතු කරන්න මේ ෆෝබියාව ඇති පුද්ගලයන්ට හැකියාවක් නැහැ.
බොහෝවිට වැඩි මුදල් ප්‍රමාණයක් තිබීම නිසා ඇතිවෙන සොර සතුරු බිය, වගකීම් සහ මුදල් ආරක්ෂා කර ගැනීම සම්බන්ධ වගකීම් පිළිබඳ මේත් සමඟම ඇතිවෙන පීඩනයත් දකින්න ලැබෙනව.
කහ පාට කියන්නෙ හරිම සුන්දර දීප්තිමත් වර්ණයක්නෙ.
හැබැයි xanthophobia තියෙන පුද්ගලයන්ට නම් එහෙම නෑ.
ඔවුන් කහපාටට වගේම කහපාට ආලේප කරපු වස්තූන් වලටත් දැඩි බියක් දක්වනවා.
මාර්ග සංඥා සහ සංඥා එළි සමඟ ගණුදෙණු කිරීමට පවා මේ පුද්ගලයන්ට නොහැකි ඒ නිසයි.
ඉතාම දරුණු කම්පන තත්වයන්ට මුහුණ දීම නිසා ඇතිවෙන මේ ෆෝබියා තත්වය ඔබට සමහරවිට විශ්වාස කරන්නත් අපහසු වේවි.
Optophobia තත්වය ඇති පුද්ගලයන් තමන්ගෙ දෑස් විවර කරගෙන සිටීමට දැඩි බියක් දක්වනවා.
මේ පුද්ගලයන් බොහෝවිට කරුවල සහ නිවෙස් ඇතුළට වී සිටීමේ වැඩි කැමැත්තක් සහ සුවපහසුවක් පෙන්වන්නෙ ඒ නිසයි.
එදිනෙදා ජීවිතයට optophobia තත්වය නිසා ඇතිවෙන බලපෑම ගැන ඔබට අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑනෙ.
අපි අහල තියනවනේ කාන්තාවන්ගේ රූපයට වශී වෙලා සිහිසුන්ව ඇඳ වැටුනු පුද්ගලයන් ගැන කතන්දර.
හැබැයි මේක නම් ඒම අතිශයෝක්තියෙන් ගොතපු කතාවක් නම් නෙමෙයි.
ලස්සනයි, ආකර්ෂණීයයි කියල හිතෙන කාන්තාවන් ලඟ සිටීමට ඔවුන්ව ඇසුරු කිරීමට පමණක් නෙමෙයි ඔවුන් දෙස බැලීමට පවා අප්‍රමාණ බියක් දක්වන පුද්ගලයන් සිටින බව ඔබ විශ්වාස කරනවද?
දහඩිය දැමීම, පපුවේ වේදනාවක් ඇතිවීම, ක්ලාන්තය සහ සිහිසුන් වීම මේ ෆෝබියාවේ ප්‍රතිඵල ලෙස දකින්න ලැබෙනවා.
කාර්‍යාලයේ සැනසීමට තියෙන එකම දේ කැරකෙන පුටුව විතරයි කියල අපි විහිලුවට කියනවනෙ.
Saru FM Media