සමහරු ලක්ෂ 50 අරන් වෙන තැන්වල ගෙවල් හදන්න යනවා. චෙක්පත් ප්‍රශ්නය ආවෙ ඒකයි – ඇමති සුසිල්

0
10

සටහන – රුවන් නෙළුගොල්ල

දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ නිවාස ඉදිකර ගැනීම සඳහා ලබාදුන් චෙක්පත් අගරු වීම පිළිබඳ කරුණු පැහැදිලිකිරීමක් නිවාස, ඉදිකිරීම් හා ජලසම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා සිදුකළේය.

“චෙක්පත් අගරු වෙලා කියලා කතාවක් යනවා මේ ජනාධිපතිතුමා මාධ්‍ය සංදර්ශනයක් තිබ්බා, ඇත්තටම නිවාස හදන්න මුදල් දුන්නෙ නෑ කියලා. ආණ්ඩුවක් විදියට ආපදාවකින් හානියට පත්වෙච්ච ජනතාවට වැඩිම ආධාර ලබාදුන්නු අවස්ථාව මේක. අපි වගේ රජයකින් සාමාන්‍ය මිනිස්සුන්ට උදව් කරන්නෙ නැත්නම් වෙන කවුද උදව් කරන්නෙ ? සමහර පවුල් කල්පනා කරනවා මේ රුපියල් ලක්ෂ 50 හම්බවුණාම විනාශ වෙච්ච ගෙදර තිබ්බ තැන නෙවෙයි වෙන තැනක ගෙයක් හදාගන්න පුළුවන් නම් ඒත් හොඳයි කියලා. කලින් කිව්වෙ එතනම ඉන්නවා කියලා. නමුත් ඒ කට්ටිය කල්පනා කරනවා ආපදාවෙන් හානි වෙච්ච ඉඩම තියෙනවා, ඒකෙ වගා කටයුතු කරගන්න පුළුවන්, මම වෙන ඉඩමකුයි ගේකුයි මිලදී ගන්නවා, නැත්නම් අලුත් තැනක ගේ හදාගන්නවා ලක්ෂ 50 පාවිච්චි කරලා කියලා. ඔන්න ඔය වෙනස්කම වෙන හින්දා තමයි මේ චෙක්වල ප්‍රශ්නය ආවෙ”

සුසිල් රණසිංහ අමාත්‍යවරයා මේ බව පැවසුවේ පෙරේදා (31) දිනයේදී රාජාංගනය ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here