සමස්ත ලංකා පාසල් වයස අවුරුදු 16 න් පහළ බාලක සහ බාලිකා හොකී තරගාවලිය: කණ්ඩායම් 84ක සහභාගිත්වයෙන් මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී

0
2

මෙරට පාසල් පද්ධතිය තුළ හොකී ක්‍රීඩාවේ නිරත කණ්ඩායම් 84 ක සහභාගිත්වයෙන් ක්‍රියාත්මක කෙරෙන සමස්ත ලංකා පාසල් වයස අවුරුදු 16 න් පහළ බාලක සහ බාලිකා හොකී තරගාවලිය ඊයේ (17දා) පෙ. ව. 08.30 ට මාතර උයන්වත්ත ක්‍රීඩාංගණය කේන්ද්‍රකර ගනිමින් ආරම්භ කෙරිණි.

මෙවර ප්‍රමුඛ පෙළ කාණ්ඩයට බාලක කණ්ඩායම් 32 ක් තෝරා ගෙන ඇති අතර වාරයේ දී බාලිකා තරගාවලිය පාසල් 20 ක් අතරේ ක්‍රියාත්මක කෙරේ. බාලක දෙවන පෙළ තරගාවලියට පාසල් 20 ක් නම් කර ඇති අතර එම කාණ්ඩයට අයත් බාලිකා පාසල් සංඛ්‍යාව 16 කි. බාලක අංශයේ තෙවන පෙළ තරගාවලියට එක්ව සිටින කණ්ඩායම් සංඛ්‍යාව 16 කි.

මාතර ශාන්ත තෝමස් විදුහලේ සහ මාතර ශාන්ත තෝමස් උසස් බාලිකා විදුහලේ සංවිධානය ශක්තිය ඇතිව මෙවර තරගාවලිය ශ්‍රී ලංකා පාසල් හොකී සංගමය විසින් මෙහෙයවනු ලබයි. මෙම තරගාවලිය ලබන සඳුදා (20දා) දක්වා ක්‍රියාත්මක කෙරේ.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here