‘සමනොළ සිරි – හරිත වන්දනා’ – සිරිපා පුද බිමේ කසල ඉවත් කිරීම ඇරඹේ!

0
2

කොළඹ LNW:‘සමනොළ සිරි – හරිත වන්දනා” ජාතික වැඩසටහන යටතේ සිරිපා පුදබිමේ ඉහළ මළුවේ ඉතා දුෂ්කර ස්ථානවල ගොඩගැසී පැවති කසළ තොග ඉවත් කිරීමේ විශේෂ බලකා මෙහෙයුමේ දෙවන අදියර ලෙස ශ්‍රී පාද පූජා භූමියට නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්‍රීතව සිදු කෙරෙන එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) ආරම්භ විය.

රාජ්‍ය ආයතන, ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, පෞද්ගලික අංශය, සිවිල් සංවිධාන හා ස්වේච්ඡා කණ්ඩායම් එක්ව එම අංශවල හා මහජන සහභාගීත්වය සහිතව මෙම ශ්‍රම මෙහෙයුම ක්‍රියාත්මක කරයි.

ඒ අනුව අද (19) පෙ.ව. 05.45 ට නල්ලතන්නිය පොලිස් ස්ථානය අසලින් පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි සහ ක්ලින් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ ජනාධිපති අතිරේක ලේකම් එස්. පී. සී. සුගීස්වර ඇතුළු නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් එම වැඩසටහන ආරම්භ විය.

මෙම ව්‍යාපෘතිය මඟින් මහජනතාවට ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන සමඟ එක්ව කටයුතු කිරීමට අවස්ථාව උදාවන අතර, පුරවැසියන්ගේ ආකල්ප සංවර්ධනය සඳහා නව ප්‍රවේශයන් ගැනීමට අවස්ථා විවෘත වේ.

තවද වටිනා පාරිසරික උරුමයක් හා ආගමික සිද්ධස්ථානයක් වීම මත සංචාරක ආකර්ෂණය වැඩිකර ගැනීමට ද මෙමගින් අවස්ථාව උදාවෙයි.

එමෙන්ම සංවේදී පරිසර කලාපයක් වන සිරිපා අඩවියේ පරිසර පද්ධතියට හානි වන ක්‍රියාවන් හෝ හානි දායක වන අයුරින් හැසිරීමක් සිදු නොකිරීමට ජනතාව දැනුවත් කිරීමද මෙහිදී සිදු කෙරේ. ආචාරධර්මීය ගුණාංග ප්‍රවර්ධනය වන පරිදි සැදැහැවතුන් දැනුවත් කිරීමේ වැඩසටහන් ද ඉහත වැඩසටහනට සමඟාමීව ‘ක්ලීන් ශ්‍රී ලංකා’ සංකල්පය යටතේ මෙවර සිරිපා වාරය පුරා සිදු කරනු ලබයි.

සමස්ත ශ්‍රී ලාංකික පුරවැසියන් වෙත ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ උදාකරලීමේ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව යහපත් ආකල්ප සහිත ආචාරධර්මීය සමාජයක් ගොඩනැගීම හරහා පරිසරයට ආදරය කරන සහ පරිසර තිරසරභාවයට ගරු කරන පුරවැසියන් බිහි කිරීම උදෙසා ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනේ පාරිසරික කුළුණ යටතේ ව්‍යපෘති හා වැඩසටහන් ආරම්භ කොට මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතින බව අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

The post ‘සමනොළ සිරි – හරිත වන්දනා’ – සිරිපා පුද බිමේ කසල ඉවත් කිරීම ඇරඹේ! appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here