හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට අදාළ නඩුවේ සැකකරුවෙකු ලෙස අධිකරණයට ඉදිරිපත් වූ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක ලබන පෙබරවාරි මස 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (28) නියම කර තිබේ.
කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත්තේ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහජන ධනය අවභාවිතාකරමින් ලන්ඩනයේ සිදු කළ පුද්ගලික සංචාරයට අදාළව විභාග වෙමින් පවතින නඩුව වෙනුවෙන් හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක අද (28) පස්වරුවේ අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේය.
0
Saru News










